Wednesday, April 15, 2026
Homeදේශීයඩලස් රනිල් අනුර ජනපති සටනට

ඩලස් රනිල් අනුර ජනපති සටනට


  මේ වන විට අනුප්‍රාප්තික ජනාධිපති ධූරය සඳහා තරඟ කරන අපේක්ෂකයන්ගේ නාමයෝජනා පාර්ලිමේන්තුට ඉදිරිපත් කර තිබෙනවා. 
පළමු නාමයෝජනාව වශයෙන් අමත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ නම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඉදිරිපත් කළ  අතර එම යෝජනාව ස්ථිර කරණු ලැබුවේ පොදු ජන පෙරමුණෙ සභාපති ජී. එල් පීරිස් මහතා විසිනි.


දෙවන නාමයෝජනාව වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතාගේ නම සභා නායක දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කළ අතර මනූෂ නානායක්කාර මහතා යෝජනාව ස්ථිර කරනු ලැබීය.


තුන්වන නාමය ලෙස අනුර කුමාර දිසානායක මහතාගේ නම ජනතා විමුක්ති පෙරමුණේ විජිත හේරත් මහතා විසින් ඉදිරිපත් කළ අතර එය හරීන් අමරතුංග මහතා ස්ථර කරණු ලැබුවා.


එ අනුව අනුර කුමාර දිසානායක, රනිල් වික්‍රමසිංහ සහ ඩලස් අලහප්පෙරුම යන අය හෙට ජනපති ධූරය සඳහා තරඟ කිරීමට නියමිතයි.

READ:   අනුර - සජිත් විවාදයට සත්කාරකත්වය දෙන්න නීති ශිෂ්‍ය සංගමය සූදානම්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්