දේශීය

දැන් නිල වශයෙන් වැඩ බලන ජනපති රනිල් වික්‍රමසිංහ

දැන් නිල වශයෙන් වැඩ බලන ජනපති රනිල් වික්‍රමසිංහ !! එමනිසා ඊයේ (14/07)සටහනම අදත් ඔබ හමුවේ තබමි අවුරුදු 6 දරුවකු තවත් මිතුරකු සමග මාතර වෙරළාසන්න පාරේ ඇවිද යමින් සිටියේය. කාකි ඇඳුම් හැදගත් පුද්ගලයකු විසින් පදවාගෙන යන ට්‍රැක්ටරයක් ඔවුන්ට අහම්බෙන් ඇස ගැටින. එයට ඈදා තිබු ට්‍රේලරයේ යමක් පොල් පැටෙවුවාක් මෙන් පටවා, ඉටි රෙද්දකින් වසා තිබිනි. ට්‍රේලරයේ පසුපස කොටසින් මිනිස් අතක වැලමිටෙන් පහළ කොටස ඉටි රෙද්දෙන් එළියට විත් තිබුනු ආකාරය ඔහුට තවම මතකය.ඒ 89 අවුරුද්ද වූ අතර ට්‍රැක්ටරය ගමන් කලේ කුප්‍රකට මාතර එළියකන්ද වධ කඳවුරකට ආසන්න මහා මාර්ගයෙනි.හමුදාවේ එක්තරා රෙජිමේන්තුවක් මගින් වධකාගාරය පාලනය විය. පොලු මුගුරු වලින්, වයර් එකට ඇඹරූ කස වලින්, වැලි පිරවු බට වලින් පහර දීම, දෙපයින්/ මහපට ඇඟිලි වලින් එල්ලීම, දැලි පිහි වලින් කැපීම, නියපොතු ගැලවීම , ගුද මාර්ගයට කටු කම්බි ඇතුලත් කිරීම, හුස්ම ගත නොහැකි ලෙස හිසේ ශොපින් බෑග් ගැට ගැසීම, හණ ගැසීම, පිළිස්සීම, ඔසවා පොළවේ ගැසීම, රත් වූ බොරළු පොළවේ බඩ ගෑවීම, ලිංගික ප්‍රදේශවලට මිරිස් කුඩු දැමීම වැනි අමානුශීක වද හිංසා ලබා දීමෙන් නොනැවතී වධකයන් විසින් තම ශාරිරිකා අවශ්‍යතා හා අසහනය සමනය කරගැනීම සඳහා ද රැඳවියන් යොදා ගන්නා ලදි.88/89 වකවානුවේ තවත් එවැනි වධකාගාර ගණනාවක් ලංකාව තුළ ක්‍රියාත්මක විය. රාජ්‍ය බලයේ අනුහසින් ක්‍රියාත්මක වූ ඒවායේ වධකයන් ලෙස කටයුතු කිරීමට ආරක්ශක අංශ සාමාජිකයින් යොදවා තිබිනි.මේ දිනවල වඩා කතා බහට ලක්වන බටලන්ද වධකාගාරය පිහිටා තිබුනේ ගම්පහ දිස්ත්‍රික්කයේ බියගම ප්‍රදේශයේය. ලංකාවට අවශ්‍ය පොහොර රට තුළම නිශ්පාදනය සඳහා රාජ්‍ය පොහොර සංස්ථාව ස්ථාපිත කල අතර එහි සේවයට පැමිණි විදේශීය විශේෂඥයන්ට නැවතී සිටීම සඳහා බටලන්ද නිවාස යෝජනා ක්‍රමය ඉදිවිය. බටලන්ද වධකාගාරය පවතින සමයේ ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කල තරුණ ඇමතිවරයෙකු සහ ඔහුගේ ආරක්ශකයින් වෙනුවෙන් එම නිවාස සංකීර්ණයේ ඒකක කීපයක් වෙන්ව තිබූ අතර බටලන්ද වධකාගාරය ගැන සොයා බැලීමට 1994 දී පත් කල ජනාධිපති කොමිසමේදී සාක්ශී දුන් එයින් පලා ගිය රැඳවියන් විසින් ඒ අතර සිටි කිහිප දෙනෙකු හඳුනාගන්නා ලදි.එළියකන්ද වද කඳවුර නමින් පොතක් එළි දැක්වූ රෝහිත මුණසිංහ එම වධකාගාරයේ වධ හිංසාවලට ලක්වි ජීවීතය බේරාගත් රැඳවියෙකි. ඒ වාසනාව අහිමි වූ 60000 පමණ තරුණ තරුණියන් පිරිසක් අහේතුකව වධ හිංසාවලට ලක් වී අකාලයේ මරාදමන ලදි. ඉතිරි වුවන්ගෙන් බහුතරය රට හැර ගිය අතර අනෙක් අය අපේක්ශා භංගත්වයට පත්ව ජීවත් වනවාට ජීවත් වූහ.දැන් නැවතත් රට තුළ පොදුජනතා අරගලයක් සිදුවෙමින් පවතී. පාලකයන්ගේ අමනෝඥ සහ අත්තනෝමතික ක්‍රියාකලාප සහ තීරණ නිසා පුරවැසියන්ගේ ජීවීත, රටේ ආර්ථිකය සහ ඒ හරහා සමස්ත ‍රටම නැවත ගොඩ ගත නොහැකි අගාධයකට ඇද වැටීම වළක්වනු වස් තරුණ නැගීටීමක් ලෙස අරගලය ඇරඹින. ඉතා ඉක්මනින් පාලකයන්ගේ සහ රජයේ මුග්ධ තීරණ නිසා පීඩාවට පත් මුළු රටේම මහජනතාව ඊට කැමැත්තෙන් එක් විය.අරගලය පක්ශ, සංවිධාන, පාර්ශව සහ ප්‍රජා කණ්ඩායම් රැසකගේ දායක්තවයෙන් ක්‍රියාත්මක වන අතර එහි කූඨාප්‍රාප්තිය පසුගිය ජූලි 9 වනදා ලෙස නම් කල හැක. විශ්වාස කල නොහැකි තරමේ පිරිසක් විවිධ අපහසුතා මැද රටේ සියළු ප්‍රදේශ නියෝජනය කරමින් පැමිණ අගනුවර එකම හිස් ගොඩක් බවට පත්කරලීය. විරෝධය හමුවේ රටේ ප්‍රධාන පුරවැසියා තම නිළ නිවසෙන් පලා ගිය අතර 13 වනදා ඉල්ලා අස්වන බව කතානායක් මගින් දැනුම් දුනි.ඉන්පසුව ගත වුයේ තීරණාත්මක දින කිහිපයකි. අරගලය සමග ඇතිවන තිබෙන පිබිදීම සහ අරගලය කෙරෙහි රටේ බහුතරයකගේ ප්‍රසාදය නැති කරනු වස් කූඨ, සැලසුම් සහගත ව්‍යාපෘති ගණනාවක් ආරම්බ විය. බෝහෝදෙනා ඒවාට හසුව අරගලය සහ අරගලකරුවන් පිළිබඳ කලකිරීමට පත්විය. අරගලයේ ඇතැම් පාර්ශව වල පුද්ගලයන් සුළු පිරිසකගේ අත්තනෝමතික හැසීරීම ද අරගලයට එරෙහි කුමන්ත්‍රණකරුවන්ට වාසි ගෙන දුන්නේය. අරගලය තුලින් ලබාගත් සුවිශේෂී ජයග්‍රහණ අමතක කර, ඒ පිලිබඳව විවිධ මතවාද මාධ්‍ය සහ සමාජ මාධ්‍ය හරහා හුවමාරු වෙමින් පවතින අතර මෙය ලියන විටත් ජනාධිපතිවරයා පොරොන්දු වූ පරිදි අස්වීමේ නිල නිවේදනය නිකුත් කර නැත. ( සටහන ලිවුවේ 14/017. මේ වනවිට ජනපති ඉල්ලා අස්වී ඇත)ඊයේ(13/07) රාත්‍රියේදී වැඩබලන ජනපති විසින් විද්‍යුත් මාධ්‍ය හරහා නිල වශයෙන් ප්‍රකාශ කර සිටියේ අරගලකරුවන්  ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ නිවස වැටලීම සඳහා සුදානමින් සිටින බවකි. අරගලකරුවන් රාජද්‍රෝහීන් සහ දේශද්‍රෝහීන් ලෙස හංවඩු ගසා මර්දනය කිරීම මේ ක්‍රියාදාමයේ ඊළග පියවර දැයි සැක සිතේ.88/89 වකවානුවේ ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කල පෙර කී තරුණ ඇමතිවරයාම, ඉන් වසර ගණනකට පසු පුරවැසි නැගීටීමක් සිදුවන ඓතිහාසික මොහොතක රටේ වැඩබලන ජනපති ලෙස පත්වීම සැබැවින්ම ජීවීතය අපට කල සරදමක් විය නොහැකිද?රාජ්‍ය මර්දනයේ සැලසුම් සහගත බව, භයානක බව දැක ඇති හෝ අසා ඇති කිසිවකු නැවත රට එවැනි තත්වයකට පත් වීම සිහිනෙන්වත් බලාපොරොත්තු වන්නේ නැත.ඔබතින් සිදුවන නොගිනිය හැකි තරම් කුඩා ක්‍රියාවකින් හෝ නොකර සිටීමකින්, පෙළඹවීමකින් රට ප්‍රචණ්ඩත්වය සහ මිලේච්ඡත්වය කරා තල්ලු විය හැක.එබැවින් ආදරණීය අරගලකරුවනි, පුරවැසියනි මේ තීරණාත්මක මොහොතේදී කල්පනාවෙන්, බුද්ධිමත්ව, ආත්මදමනයෙන් යුතුව කටයුතු කරමු!!තවදුරටත් සාමකාමී , ආදරයේ අරගලය වෙනුවෙන් පෙනී සිටිමි.අරගලයට ජය
– ටශන්ති සිරිවර්ධන( ඇතැම් තොරතුරු උපුටා ගැනීම රෝහිත මුණසිංහ මහතාගේ එළියකන්ද වධ කඳවුර ග්‍රන්ථයෙන් සහ Asian Mirror වෙබ් අඩවියෙන්උපුටා ගැනීම – මුහුණු පොතReplyForward

Recent Posts

ඉන්ධන සහනාධාරයක් -ජනපති ගම්පහදී කියයි.

‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…

1 day ago

ඉන්ධන බලාගාර මාෆියාවේ කොමිස්වලට යටවූ වත්මන් රජය සූර්ය බලශක්තිය විනාශ කරන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා-විපක්ෂ නායක

බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…

1 day ago

පොල්දූව මංසන්ධියේ දී සමගි ජන බලවේගය විසින් 22ට එරෙහිව සංවිධානය කර තිබූ උද්ඝෝෂණය

මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…

5 days ago

Colombo Dockyard Highlights Sri Lanka’s Maritime Capabilities on World Maritime Day 2026

Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…

5 days ago

පාස්කු ප්‍රහාර නඩුවේ විත්තිකරුවන් 15කට වරදකරු බවට තීන්දුවක් – 9ක් නිදොස් කොට නිදහස්

සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…

7 days ago

සීගිරියට අලුත් පෙනුමක්: ඩොලර් මිලියන 30ක සංචාරක සංවර්ධන ව්‍යාපෘතිය ඇරඹේ

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…

1 week ago