රනිල් වික්‍රමසිංහට ජනාධිපති ඡන්දයට ඉදිරිපත් විය හැකිද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 40 වගන්තිය ක්‍රියාත්මක වීම නිසා පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙන රහස් ඡන්දයට නාම යෝජනා ඉදිරිපත් කළ හැකි ද?
ඉහත ප්‍රශ්න දෙකට උත්තරය ‘නැත‘ යන්න බව කියන පෝස්ටුවක් සමාජ මාධ්‍ය යේ සංසරණය වේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බාගෙට කියවූ සමාජ මාධ්‍ය විශාරදයෙකු විසින් එය ලියා ඇත.
32 (2) අනුව්‍යවස්ථාවේ විධිවිධාන 40 (1) (ඇ) න් පත්වන ජනාධිපතිවරයෙකුට අදාල නොවන්නේ ය.
ව්‍යවස්ථාවේ 40 (2) මෙසේය.
(32 වන ව්‍යවස්ථාවේ (2) වන අනුව්‍යවස්ථාවේ විධිවිධාන හැර) ජනාධිපතිවරයාට අදාල, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන, අදාළ කළ හැකිතාක් දුරට, වැඩ බලන ජනාධිපතිවරයකුට ද අදාළ වන්නේ ය.
ශුද්ධ සිංහලෙන් කියන්නේ නම් 32 (2) ව්‍යවස්ථාව, එනම්, ජනාධිපති ධුරය භාරගනු ලබන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකු නම් ජනාධිපතිධුරය භාරගත් වහාම තමන්ගේ මන්ත්‍රී ධූරය අහෝසි වීම රනිල් වික්‍රමසිංහට අදාළ වන්නේ නැත.
බෙදා හැර ඇති පෝස්ටුවේ පළමු නීති තර්කය ගනිමු.
‘රනිල් 15 දා දක්වා ජනාධිපති ධුරයේ වැඩබැලුවේ 37 වගන්තිය යටතේ ජනාධිපති ගෝඨාභය විසින් පත්කළ, අගමැති පදවියේ සිටි මන්ත්‍රීවරයා ලෙසටය.
නමුත්, ජනාධිපති ගෝඨාභය ගේ ඉල්ලා අස්වීමත් සමග 40 වගන්තිය ක්‍රියාත්මකවීම ඇරඹේ. එහිදී රනිල් තාවකාලික වැඩබලන ජනාධිපති බවට පත්වීමත් සමගම තම අගමැති තනතුරෙහි ඇබෑර්තුවක් ඇතිවන බව 40 (ඇ) වගන්තිය පවසන අතර පවතින කැබිනට් මණ්ඩලයේ සාමාජිකයකු පත් කල යුතු බව කියා ඇත.
ඒ අනුව ව්‍යවස්තාවට අනුව රනිල් වැඩබලන තාවකාලික ජනාධිපති ලෙස පත්වීමත් සමග ඔහු දැරූ අගමැති තනතුර පමණක් නොව පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය ද ශුන්‍ය වන්නේය.
දැන් රනිල් ට අහිමිවී ඇත්තේ අගමැති ධූරය ද? නැතිනම් මන්ත්‍රී ධූරය ද? නැතිනම් ඒ දෙකම ද?
අවශ්‍ය නම් එය උසාවියට ගොස් විසඳා ගන්නට තවත් සතියක් දෙකක් ගත හැකිය. මගේ අදහස මේ තර්කයේ පදනම ඇත්තේ මේ අර්බුදය තවත් සති දෙකක් කල් දමා අරාජිකත්වයක් නිර්මාණය කිරීම බව ය.
රනිල් වික්‍රමසිංහ ට ජූලි 21 දින ජනාධිපති තරඟයට ඉදිරිපත් විය නොහැකි බව කියන මුලික තර්කය යි.
ආ.ක්‍ර.ව්‍ය වේ 32 (2) වගන්තියට අනුව ජනාධිපති ධුරය භාරගනු ලබන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු නම් ජනාධිපතිධුරය භාරගත් වහාම තමන්ගේ මන්ත්‍රී ධූරය අහෝසි වන බව ඉතා පැහැදිලිව දක්වා තිබේ.
32 වගන්තිය පැහැදිලිව කියා ඇත්තේ මෙම තත්වය ජනාධිපති ඡන්දයකින් පත්වු ජනාධිපති ධූරයක වැඩ බැලීමට පත්වන ජනාධිපති වරයාටද අදාල වන බවය.
ඒ අනුව බලන කල 40 වගන්තියට අනුව වැඩබලන ජනාධිපති ධුරයට නාම යෝජනා භාර ලබා දිය හැක්කේ සහ තෝරා පත් කර ගත හැක්කේ පාර්ලිමේන්තුව තුල සිටින මන්ත්‍රීවරයකුට පමණකි. අර සංසරණය වන පෝස්ටුව කියයි.
ශුද්ධ සිංහලෙන් කියන්නේ නම් 32 (2) ව්‍යවස්ථාව, 40 (2) යටතේ වැඩ බලන ජනාධිපතිවරයෙකුට අදාළ වන්නේ නැත. එබැවින් රනිල්ට තරඟ කරන්නට කිසිදු අවහිරයක් නැත.
පාර්ලිමේන්තුවේ සංයුතිය අනුව ඩලස් අලහප්පෙරුමට ස්ථිර ඡන්ද 69 ක් හෝ 70 කි.
සජිත් ප්‍රේමදාසට සංයුතිය අනුව නම් ස්ථිර ඡන්ද 58 ක් හෝ 61 කි.
ජවිපෙ තුන් දෙනා කාටවත් ඡන්දය දෙන්නේ නැත. කතානායක ද එසේමය.
මෙයට පෙර මා ලියා ඇති අන්දමට රනිල් වික්‍රමසිංහ ට ඡන්ද 90 කි.
රනිල් හා සජිත් ඉදිරිපත් වන ඡන්දයක ද්‍රවිඩ ඡන්ද 4 ක් පමණ (ටෙලෝ සහ විග්නේෂ්වරන්) රනිල්ට රහසේ ඡන්දය දෙනු ඇත.
ඒ අතර, පාර්ලිමේන්තුවේ නැති අයෙකු ජාතික ලැයිස්තුවෙන් පත් කර අර්බුදය විසඳීමට උත්සහක් ද ඇත. ඒ අතර ඇස් නිලංකාර කරන නීති තර්ක මගින් යථාර්ථය වසන් කිරීමේ උත්සාහයක් දියත් වේ.
රනිල්ට ජූලි 19 නාම යෝජනා දිය හැකිය. ඔහුට දිනන්න දෙනවා ද? නැත්ද? කියා තීරණය කරන්නේ අඳුරේ අතපත ගාමින් සිටින විපක්ෂය යි.
ආර්.ප්‍රේමදාස 89 ජනාධිපතිවරණය දිනන්නට ඔසී අබේගුණසේකර ප්‍රමුඛ වාමාංශකයින්ගෙන් උපකාර ගත්තේය. මහින්ද රාජපක්ෂ 2005 ජ.වි.පෙ. හා එල්.ටී.ටී.ඊ. යේ සහායෙන් දිනුවේය. විපක්ෂය ප්‍රේමදාසගෙන් බැරිනම්, මහින්දගෙන් ඉගෙන ගන්නට නිහතමානී විය යුතුය.
විපක්ෂය පාර්ලිමේන්තුවේ දී ජයගෙන ජනපති අගමැති පුටු ගත යුතුය. ඒ ටිකත් කර දෙන්නට අරගලකරුවන්ට අවශ්‍යතාවයක් නැත.
රජිත් කීර්ති තෙන්නකෝන්
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…