Tuesday, April 21, 2026
Homeදේශීයනව ජනාධිපති පත්කරන තෙක් ධූරයේ වැඩ බැලීම අගමැති රනිල් වික්‍රමසිංහ

නව ජනාධිපති පත්කරන තෙක් ධූරයේ වැඩ බැලීම අගමැති රනිල් වික්‍රමසිංහ


     ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  ඉල්ලා අස්වීමෙන් පසු නව ජනාධිපති වරයෙක් පත් කර ගැනීමට අවශ්‍ය ව්‍යස්ථානූකූල කටයුතු දැනටමත් සිදුවෙන බවත් එතෙක් ජනාධිපති ධූරයේ වැඩ බැලීම, කටයතු කිරීම ව්‍යස්ථානූකූලව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදුකරන බවත් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා දැනුම් දී සිටිනවා.


මෙම ක්‍රියදාමය දින 7 ක් වැනි කාලයක් තුල අවසන් කිරීමට නියමිත වන අතර හෙට (16) දිනයේ දී ඒ සඳහා පාර්ලිමේන්තුව රැස්වන බවයි එතුමා ප්‍රකාශ කරන්නේ. මෙම ප්‍රජාතන්ත්‍රවාදී වැඩපිළිවෙළ සඳහා සියලු දේශපාලන පක්ෂ නායකයින්, ආරක්ෂක අංශය, රාජ්ය නිලධාරීන් සහයෝගය ලබා දෙන මෙන් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉල්ලා සිටිනවා.

ReplyForward
READ:   පාසැල් ළමුන් ප්‍රවාහනය කරන වාහන සඳහා ඉන්ධන අද සිට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්