කදුළු ගෑස්ප්‍රචන්ඩකාරී අරගලකරුවන් පළවා හරින්නට පොලිස් නිලධාරීන්හට කඳුලු ගෑස් පාවිච්චි කරන්න පුළුවන්.සාමකාමී අරගලයක යෙදෙන අරගලකරුවන් වෙනුවෙන් මේ රසායනික ද්‍රව්‍ය පාවිච්චි කළ නොහැකි වුනත් අරගල බිමකදී එවන් රසායනික ප්‍රහාරයකට ලක්වීමකින් ආරක්ශා වෙන හැටි දැනුවත් ව ඉන්නා එක නුවණට හුරුයි. කුඩු ආකාරයෙන් ඇති රසායනික ද්‍රව්‍ය අවට වාතයේ තෙතමනය ඇති තැන්වලට ඇලෙනවා.ඉතින් ඔබ ඒ අසලක සිටිනවා නම් මේ රසායනික ද්‍රව්‍ය ඔබේ ඇස්,නහය, උගුර,පෙනහලු, දහඩිය දැමූ හම මත ඇලෙන්නට පුළුවන්. අධික ලෙස කඳුළු ගැලීම, නාසය උගුර රිදීම, දැවිල්ල, හුස්ම ගැනීමේ අපහසුව, බඩ රිදීම හා වමනය මේ නිසා ඇති වෙන්නට පුළුවන්. මෙවැනි ආපදාවකට පෙර සූදානම් වෙන්න පුළුවන්.-නාසය සහ මුහුණ ආවරණයට මාස්ක් එකක් පාවිච්චිය මේ ආපදාවට අමතරව කොරෝනාවලින් ආරක්ෂාවටත් වලංගුයි. ඊට අමතරව මුහුණ වැහෙන්නට රෙදි වැස්මක්, තුවායක් වගේ දෙයක් ළඟ තිබෙන එක හොඳයි.-ඇස් ආරක්ශා කරගන්නට ගොගල්ස්, හෝ නොබිදෙන ඇස් වැසුමක් තිබෙනවා නම් හොඳයි.-සම්පූර්ණෙන්ම ඇඟ වැහෙන ඇඳුමක් සහ ඉක්මනින් දිව යන්නට පහසු සපත්තු දෙකක්.-ඇස් මුහුණ සෝදාගන්නට නිතරම ඔබ ළඟ වතුර බෝතලයක් තිබිය යුතුමයි.-අදාල තැනින් ඉක්මනින් ඉවත්වද්දී ගෙන යන්නට පහසු වෙන පරිදි සකසා ගත් ගමන්මල්ලක් තිබෙන එකත් වඩාත් පහසුයි.-අවශ්‍ය උනොත් අමතර ඇඳුම් කට්ටලයක් තියෙන්නත් ඕනේ.ඇඳුම්වල රසායනික ද්‍රව්‍ය තැවරුනොත් ඇඳුම් මාරු කරගන්නට පුළුවන් නේ. 1.Physicians for Human Rights: “Lethal in Disguise: The Health Consequences of Crowd-Control Weapons”2.Physicians for Human Rights: Crowd-control Weapons Fact Sheets3.https://phr.org/our-work/resources/preparing-for-protecting-against-and-treating-tear-gas-and-other-chemical-irritant-exposure-a-protesters-guide |
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…