කදුළු ගෑස්ප්‍රචන්ඩකාරී අරගලකරුවන් පළවා හරින්නට පොලිස් නිලධාරීන්හට කඳුලු ගෑස් පාවිච්චි කරන්න පුළුවන්.සාමකාමී අරගලයක යෙදෙන අරගලකරුවන් වෙනුවෙන් මේ රසායනික ද්‍රව්‍ය පාවිච්චි කළ නොහැකි වුනත් අරගල බිමකදී එවන් රසායනික ප්‍රහාරයකට ලක්වීමකින් ආරක්ශා වෙන හැටි දැනුවත් ව ඉන්නා එක නුවණට හුරුයි. කුඩු ආකාරයෙන් ඇති රසායනික ද්‍රව්‍ය අවට වාතයේ තෙතමනය ඇති තැන්වලට ඇලෙනවා.ඉතින් ඔබ ඒ අසලක සිටිනවා නම් මේ රසායනික ද්‍රව්‍ය ඔබේ ඇස්,නහය, උගුර,පෙනහලු, දහඩිය දැමූ හම මත ඇලෙන්නට පුළුවන්. අධික ලෙස කඳුළු ගැලීම, නාසය උගුර රිදීම, දැවිල්ල, හුස්ම ගැනීමේ අපහසුව, බඩ රිදීම හා වමනය මේ නිසා ඇති වෙන්නට පුළුවන්. මෙවැනි ආපදාවකට පෙර සූදානම් වෙන්න පුළුවන්.-නාසය සහ මුහුණ ආවරණයට මාස්ක් එකක් පාවිච්චිය මේ ආපදාවට අමතරව කොරෝනාවලින් ආරක්ෂාවටත් වලංගුයි. ඊට අමතරව මුහුණ වැහෙන්නට රෙදි වැස්මක්, තුවායක් වගේ දෙයක් ළඟ තිබෙන එක හොඳයි.-ඇස් ආරක්ශා කරගන්නට ගොගල්ස්, හෝ නොබිදෙන ඇස් වැසුමක් තිබෙනවා නම් හොඳයි.-සම්පූර්ණෙන්ම ඇඟ වැහෙන ඇඳුමක් සහ ඉක්මනින් දිව යන්නට පහසු සපත්තු දෙකක්.-ඇස් මුහුණ සෝදාගන්නට නිතරම ඔබ ළඟ වතුර බෝතලයක් තිබිය යුතුමයි.-අදාල තැනින් ඉක්මනින් ඉවත්වද්දී ගෙන යන්නට පහසු වෙන පරිදි සකසා ගත් ගමන්මල්ලක් තිබෙන එකත් වඩාත් පහසුයි.-අවශ්‍ය උනොත් අමතර ඇඳුම් කට්ටලයක් තියෙන්නත් ඕනේ.ඇඳුම්වල රසායනික ද්‍රව්‍ය තැවරුනොත් ඇඳුම් මාරු කරගන්නට පුළුවන් නේ. 1.Physicians for Human Rights: “Lethal in Disguise: The Health Consequences of Crowd-Control Weapons”2.Physicians for Human Rights: Crowd-control Weapons Fact Sheets3.https://phr.org/our-work/resources/preparing-for-protecting-against-and-treating-tear-gas-and-other-chemical-irritant-exposure-a-protesters-guide |
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…