Monday, April 20, 2026
Homeදේශීයකදුළු ගෑස්

කදුළු ගෑස්


කදුළු ගෑස්ප්‍රචන්ඩකාරී අරගලකරුවන් පළවා හරින්නට පොලිස් නිලධාරීන්හට කඳුලු ගෑස්  පාවිච්චි කරන්න පුළුවන්.සාමකාමී අරගලයක යෙදෙන අරගලකරුවන් වෙනුවෙන් මේ රසායනික ද්‍රව්‍ය පාවිච්චි කළ නොහැකි වුනත් අරගල බිමකදී එවන් රසායනික

ප්‍රහාරයකට ලක්වීමකින් ආරක්ශා වෙන හැටි දැනුවත් ව ඉන්නා එක නුවණට හුරුයි.🌹කඳුළු ගෑස් කැනිස්ටරයක් පිපිරුනු විට එහි
කුඩු ආකාරයෙන් ඇති රසායනික ද්‍රව්‍ය අවට වාතයේ තෙතමනය ඇති තැන්වලට ඇලෙනවා.ඉතින් ඔබ ඒ අසලක සිටිනවා නම් මේ

රසායනික ද්‍රව්‍ය ඔබේ ඇස්,නහය, උගුර,පෙනහලු, දහඩිය දැමූ හම මත ඇලෙන්නට පුළුවන්.🌹


අධික ලෙස කඳුළු ගැලීම, නාසය උගුර රිදීම, දැවිල්ල, හුස්ම ගැනීමේ අපහසුව, බඩ රිදීම හා වමනය මේ නිසා ඇති වෙන්නට පුළුවන්.🌹

මෙවැනි ආපදාවකට පෙර සූදානම් වෙන්න පුළුවන්.-නාසය සහ මුහුණ ආවරණයට මාස්ක් එකක් පාවිච්චිය  මේ ආපදාවට අමතරව කොරෝනාවලින් ආරක්ෂාවටත් වලංගුයි. ඊට අමතරව මුහුණ වැහෙන්නට  රෙදි වැස්මක්, තුවායක් වගේ දෙයක් ළඟ තිබෙන එක හොඳයි.-ඇස් ආරක්ශා කරගන්නට ගොගල්ස්, හෝ  නොබිදෙන ඇස් වැසුමක් තිබෙනවා නම් හොඳයි.-සම්පූර්ණෙන්ම ඇඟ වැහෙන ඇඳුමක් සහ ඉක්මනින් දිව යන්නට පහසු සපත්තු දෙකක්.-ඇස් මුහුණ සෝදාගන්නට නිතරම ඔබ ළඟ වතුර බෝතලයක් තිබිය යුතුමයි.-අදාල තැනින් ඉක්මනින් ඉවත්වද්දී ගෙන යන්නට පහසු වෙන පරිදි  සකසා ගත් ගමන්මල්ලක් තිබෙන එකත් වඩාත් පහසුයි.-අවශ්‍ය උනොත් අමතර ඇඳුම් කට්ටලයක් තියෙන්නත් ඕනේ.ඇඳුම්වල රසායනික ද්‍රව්‍ය තැවරුනොත් ඇඳුම් මාරු

කරගන්නට පුළුවන් නේ.🌹මෙවන් ආපදාවකට ලක් වුනොත් මොකද්ද කරන්නට පුළුවන්?-කඳුළු ගෑස් කැනිස්ටර් ආපහු විසි කරන්නට යන්න එපා.ඉන් ඔබට අනතුරු වෙන්නට පුළුවන්.-බොහෝ වෙලාවට මේ රසායනික දුමාරය බරින් වැඩි නිසා වැඩියෙන් එකතු වෙන්නෙ පොළොව මට්ටම කිට්ටුවෙන්.ඒ නිසා එතනින් ඉවත් වෙන්න.පුළුවන් නම් උසින් වැඩි තැනකට යන්න.-නමුත් එහෙම යද්දි කලබල වෙලා දුවන්න යන්න එපා.මොකද ඒ වගේ වෙලාවට ඔබ හුස්ම ගැනීමේ වේගය වැඩි වෙන එකත් එක්ක මේ රසායනික ද්‍රව්‍ය තවත් පෙනහලුවලට එක් වෙන වේගය වැඩි වෙනවා.-අත්වලින් මුහුණ ඇස් කට අල්ලන්න යන්න එපා.ඒ වෙනුවට කෙලින්ම ඔබේ වතුර බෝතලයෙන් වතුර මුහුණට වත් කරගෙන ඇස් සෝදා ගන්න.වතුර කරාමයක් ළඟ පාතක හොයාගන්න පුළුවන් නම් විනාඩි දහයක් පහළලොවක් ඇස් හෝදගන්න.-හැකි ඉක්මණට ඇඳුම් ඉවත්කර ඇඟ සෝදාගන්න.ඇඟ සෝදාගනිද්දි ඇස් කට වහගෙන ඉන්න.පුළුවන් තරම් ඒ වෙලාවේ හුස්ම ගන්න එක අඩු කරන්න.හිස කෙස් හොඳින් සෝදගන්න.(ඇඳුම් හොඳ ඉර එළියේ වෙලාගන්න)-ඔබට හුස්ම ගැනීමේ අපහසුතාවයක් හෝ වෙනත් දැඩි අපහසුතාවයක් තිබෙනවනම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වෙන්න.-වටපිටාවේ ඉන්න අනිත් අයවත් ( අරගලයේ ඕනෑම පාර්ශවයක වෙන්න පුළුවන් ) හැකි නම් මේ විදිහට ආරක්ශා වෙන තැනට යොමු කරන්න.වෛද්‍ය සඳුනි සුදර්ශනා පෙරේරාමූලාශ්‍ර


1.Physicians for Human Rights: “Lethal in Disguise: The Health Consequences of Crowd-Control Weapons”2.Physicians for Human Rights:  Crowd-control Weapons Fact Sheets3.https://phr.org/our-work/resources/preparing-for-protecting-against-and-treating-tear-gas-and-other-chemical-irritant-exposure-a-protesters-guideReplyForward
READ:   BREAKING NEWS: ත්‍රස්ත විරෝධී පනත ගැන පොහොට්ටුව අඩියක් පස්සට ගනී: ජනපතිගෙන් ඉල්ලීමකුත් කරයි.. (VIDEO)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්