Wednesday, April 15, 2026
Homeදේශීයඅර්බුදය දින කිහිපයකින් විසදීමට සූදානම්

අර්බුදය දින කිහිපයකින් විසදීමට සූදානම්


    රට තුල උත්ගතව ඇති අර්බුදකාරී වාතාවරණය දින කිහිපයක් තුල දී විසඳා ගත හැකි බවත් ඒ සඳහා කටයුතු සිදු කර ඇති බවත්  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටිනවා.
අපනයන හා කෘෂී ආර්ථිකයට මූලිකත්වය දෙමින් නව ආයෝජන සහිත ශක්තිමත් ආර්ථිකයක් ගොඩ නැගීම අරමුණ වුවදනොසිතූ ලෙස පැමිණී කොවිඩ් වසංගතය මගින් දැඩි ආර්ථික අර්බුදයක් කරා මඟ පෑදූ බව ජනපති පවසනවා.  ලොව ශක්තිමත් ආර්ථිකයක් හිමිව තිබූ රටවලට පවා කොවිඩ් වසංගතය හමුවේ විශාල ලෙස ආර්ථික බලපෑම් සිදුවුණ බව පෙන්වා දෙන එතුමාමුදල් සංචිත නොමැති මෙරට වැනි රටවලට එම තත්වය දැඩිව බලපෑම් කළ බවඅවධාරණය කර සිටිනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කළ සාකච්ඡාවන් ගෙන් සැලකිය යුතු ප්‍රමාණයට සාර්ථක ප්‍රතිඵල ලැබී ඇති බව පෙන්වා දෙන එතුමා ඉදිරියේදී එම ණය ආධාර වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිත බව ප්‍රකාශ කරනවා. ඉන්ධන, ගෑස්, ඖෂධ වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහැරීම සඳහා සැලසුම් කර ඇති බවත් සැලසුම් සහගත දීර්ඝ කාලින උත්සහයන්ගේ ප්‍රතිඵල  මෙලෙස ලැබෙමින් පවතින බවත් එතුමා ප්‍රකාශ කර සිටිනවා.

READ:   කතරගම පෙරහැර බලන්න යන අයට විශේෂ නිවේදනයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්