ශ්‍රී ලාංකීය සහෝදර සහෝදරියනි,මේ තමයි ලංකාවේ නිෂ්පාදිත ප්‍රථම ට්‍රක් එක. මෙය හැදුවේ මොරටුවේ ශ්‍රී ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ 1975—-1976 වගේ කාලයේදි ය.මා දාන්නා තරමින් මේ සදහා දායක වුනා Mr.Brekwek(germany),director of C.G.T. T. I., Mr. Gunathilaka, Mr. Piyasena, Mr. Mahindharathna, Mr. Peiris, Mr. Patrick Mendis, සහ,මාගේ කාලයේ ආධුනිකයන්ව සිටි හයදෙනෙකුත්,සහ තවත් බොහෝ දෙනා.මෙය හදනවිටත් නොයෙක් ගැටලු එන්න ඇති.බලපත්‍ර ගැනීමේදි,.කෙසේ වෙතත් හරි අපූරු අත්දැකීම් සම්භාරයක් ලබමින් අපි මෙය හැදුව .මංගල ගමන ගියේ ආදිවාසී නායක තිසාහාමි මහතාගේ ගෙදරට.කැලේ මදින් ඇල දොල හරහා ගිය මේ ගමනට යන්න මටත් වාසනාව ලැබුන .Mr. Brekwek උපරිම උත්සාහ කරා චෙසිය කඩාදමන්න, ඒත් කිසිම හානියක් වුනේ නෑ.මොකද මේ ගියේ testrun එකක් නිසා.වාහනයට නම තිබ්බේ Mr. Sidni. නම තමයි ලංකානි .ලංකා කාර්මික නිශ්පාදන,ලංකානි චෙසිය නැව්වේ වේරහැර මධ්‍යම වැඩපල. චෙසිය ජොයින්ට් වෙන වෙල්ඩින් පාර ගැහුවේ Mr Mahindharathna, ඉතින් මෙවැනි වාහන තුනක් අපි හැදුව .එන්ජින් ඩිෆරන්සල් ,වොල්ක්ස්වොගන් සමාගමේ පරිත්‍යාග . සෑහෙන කාලයක් මෙම වාහන තුන පාවිච්චි කරා.සෑහෙන කාලයකට පස්සෙ මම මගේ බිරිදත් දරුවනුත් කැටුව ගියා c.g.t.t.i. එකේ තිබුනු ප්‍රදර්ශනයක් බලන්න .බොහොම උජාරුවෙන් අපි හදපු වාහන පෙන්නන්න.පේන්න නොතිබුන නිසා මම අහල බැලුවම දැනගන්න ලැබුන ඒව පරන යකඩවලට විකුනූ බව.එවෙලෙ මගේ හදවත කඩාගෙන වැටුන .අපේ ඉතිහාසය පරන යකඩ වලට විකුනල .එවකට තිබුනේ එක්සත් ජාතික පක්ශ පාලනයක්,මෙම ලිපිය සකස් කිරීමේදී යම් අතපසුවීමක් වී ඇත්නම් සමාවන්න . මෙම සිදුවීම අවුරුදු 45ක් පැරනි නිසා .මගේ කන්ඩායමේ හයදෙනාගෙන් තිදෙනෙකුත් මේ වනවිට අවසන් ගමන් ගොසිනි.
උපුටා ගැනීම – සරත් සිල්වා මහතාගෙනී
https://m.facebook.com/story.php?story_fbid=3266087290385538&id=100009528970625
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…
Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…
ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…
නැගෙනහිර බහලුම් පර්යන්තයේ දෙවැනි අදියරේ සංවර්ධන වැඩකටයුතු ගැන විෂමතා අඩුපාඩු ගණනාවක් ඇති බවට එහි සේවය…
චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…