විශේෂාංග

ශ්‍රි ලංකාවේ නිශ්පාදිත පළමු ට්‍රක් රථය


 ශ්‍රී ලාංකීය සහෝදර සහෝදරියනි,මේ තමයි ලංකාවේ නිෂ්පාදිත ප්‍රථම ට්‍රක් එක. මෙය හැදුවේ මොරටුවේ ශ්‍රී ලංකා ජර්මානු  කාර්මික අභ්‍යාස ආයතනයේ 1975—-1976 වගේ කාලයේදි ය.මා දාන්නා තරමින්  මේ සදහා දායක වුනා Mr.Brekwek(germany),director of C.G.T. T. I., Mr. Gunathilaka, Mr. Piyasena, Mr. Mahindharathna, Mr. Peiris, Mr.  Patrick Mendis, සහ,මාගේ කාලයේ ආධුනිකයන්ව සිටි හයදෙනෙකුත්,සහ තවත් බොහෝ දෙනා.මෙය හදනවිටත් නොයෙක් ගැටලු එන්න ඇති.බලපත්‍ර ගැනීමේදි,.කෙසේ වෙතත් හරි අපූරු අත්දැකීම් සම්භාරයක් ලබමින් අපි   මෙය හැදුව .මංගල ගමන ගියේ ආදිවාසී නායක තිසාහාමි  මහතාගේ ගෙදරට.කැලේ මදින් ඇල දොල හරහා ගිය මේ ගමනට යන්න මටත් වාසනාව ලැබුන .Mr.  Brekwek  උපරිම උත්සාහ කරා චෙසිය කඩාදමන්න, ඒත් කිසිම හානියක් වුනේ නෑ.මොකද මේ ගියේ testrun එකක් නිසා.වාහනයට නම තිබ්බේ Mr. Sidni. නම තමයි ලංකානි .ලංකා කාර්මික නිශ්පාදන,ලංකානි චෙසිය නැව්වේ වේරහැර මධ්‍යම වැඩපල. චෙසිය ජොයින්ට් වෙන වෙල්ඩින් පාර ගැහුවේ Mr Mahindharathna, ඉතින් මෙවැනි  වාහන තුනක් අපි හැදුව .එන්ජින් ඩිෆරන්සල් ,වොල්ක්ස්වොගන් සමාගමේ පරිත්‍යාග . සෑහෙන කාලයක් මෙම වාහන තුන පාවිච්චි කරා.සෑහෙන කාලයකට පස්සෙ මම මගේ බිරිදත් දරුවනුත් කැටුව  ගියා c.g.t.t.i. එකේ තිබුනු ප්‍රදර්ශනයක්  බලන්න .බොහොම උජාරුවෙන් අපි හදපු වාහන පෙන්නන්න.පේන්න නොතිබුන නිසා මම අහල බැලුවම දැනගන්න ලැබුන ඒව පරන යකඩවලට විකුනූ බව.එවෙලෙ මගේ හදවත කඩාගෙන වැටුන .අපේ ඉතිහාසය පරන යකඩ වලට විකුනල .එවකට තිබුනේ එක්සත් ජාතික පක්ශ පාලනයක්,මෙම ලිපිය සකස් කිරීමේදී යම් අතපසුවීමක් වී ඇත්නම් සමාවන්න . මෙම සිදුවීම අවුරුදු 45ක් පැරනි නිසා .මගේ කන්ඩායමේ හයදෙනාගෙන්  තිදෙනෙකුත්  මේ වනවිට අවසන් ගමන් ගොසිනි.


උපුටා ගැනීම – සරත් සිල්වා මහතාගෙනී
https://m.facebook.com/story.php?story_fbid=3266087290385538&id=100009528970625

Recent Posts

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

3 days ago

ලොස් ඇන්ජලීස්හිදී ශ්‍රී ලාංකික ඇඟලුම් සේවිකාවකට යුක්තිය ඉල්ලා විරෝධතාවක්

Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…

3 days ago

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

6 days ago

වේදනාව, පසුතැවීම ඉතිරි කර මහ ඇතාත් යන්න ගිහින්

මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…

7 days ago