Sunday, April 19, 2026
Homeදේශීයඅවුල් ෆොටෝ ලීක් වුනොත් අවුල ක්ෂණිකව ලිහන්න විදිහක්?

අවුල් ෆොටෝ ලීක් වුනොත් අවුල ක්ෂණිකව ලිහන්න විදිහක්?

ඔබ සයිබර් අපරාධයක ගොදුරක් වුණාද?

ඒ බව දැනගත් සැනෙකින් මේ දේ කරන්න

නිරුවත් රූප සියල්ල ඉවත් කරන මෘදුකාංගයක් දැන් තියෙනවා

අද විශේෂයෙන් තරුණ කාන්තාවන් පහසුවෙන් සයිබර් අපරාධ වල ගොදුරු බවට පත්වන අතර මේ නිසා සමාජයට මුහුණ දීමට නොහැකි වීමෙන් දිවි අහිමි කරගන්නන් සංඛ්‍යාවද සුළුපටු නොවේ. සුලබ අපරාධයක් වන්නේ ඔබේ ඡායාරූපය මෘදුකාංගයකින් නග්න කර එය බෙදා හැරීමයි.

එවන් අනපේක්ෂිත අපරාධයක ගොදුරක් බවට ඔබ පත් වුණොත්, ඒ සියල්ල ඉවත් කරන ඇප් එකක් ඇති බව දැනගැනීම ඔබට සැනසුමට කරුණක් නේද?StopNCII.org (Stop Non-Consensual Intimate Image Abuse) එම වටිනා මෙහෙවරට උරදුන් මෘදුකාංගයයි. ඔබේ සමීපතමයෙකු මෙවන් අත්දැකීමකට මුහුණ දුන්නොත් පළමුව මෙම මෘදුකාංගය යොදා එම ඡායාරූපය ඉවත් කර දෙවනුව නීතියේ සහාය පතන්න.

එම මෘදුකාංගයට https://stopncii.org/ දිගුවෙන් පිවිසිය හැකි වන අතර සියයට 90ක ඉවත් කිරීමේ සාර්ථකත්වයක් තිබේ. මේ වන විට එවන් ඉවත් කිරීම් 2000,000කට වඩා සාර්ථකව සිදු කර ඇත.

සයිබ අපරාධ සම්බන්ධ අපේ රටේ බලපවත්වන නීතිය

ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ අසභ්‍ය ප්‍රකාශන බෙදා හැරීම, තව කෙනෙකුට දීම වරදකි. මේ යටතේ අද අන්තර්ජාලය හා ජංගම දුරකතන ආදිය යොදාගෙන සිදු කරන සයිබර් අපරාධ වලටද දඩුවම් කළ හැක.

දණ්ඩ නීති සංග්‍රහයේ 286 වෙනි වගන්තිය යටතේ ළමුන් යොදාගත් අසභ්‍ය දර්ශන, වීඩියෝ පට, ඡායාරූප බෙදා හැරීම වරදකි. එවැනි නිරුවත් ඡායාරූප, නිල් චිත්‍රපට, වීඩියෝ දර්ශන තව කෙනෙකුට යැවීම, ෆෝවර්ඞ් කිරීම, ෂෙයාර් කිරීම එම නීතීන් යටතේ වරදක් බවට පත් වෙනවා.

‍අප්ලෝඞ් කරන තැනැත්තා පමණක් නොවෙයි, බෙදාහරින තැනැත්තාත් මෙහිදී වරදකරු වෙනවා.

අපේ රටේ සුලබ ‘රිවෙන්ජ් පෝර්න්‘

මේ අතර පෙම්වතුන්ව සිටියදී වීඩියෝ කරන අතිශය පුද්ගලික දර්ශන සහිත වීඩියෝ අන්තර්ජාලයට එක් කෙරෙන අවස්ථා දුලභ නොවේ. චේතනාන්විතවම ඇයගෙන් ලිංගික දසුන් ලබාගෙන ඒවා අලෙවි කිරීමේ අදහස ඇතිව හිතවත්කමක් ගොඩනගා ගැනීම මෙන්ම ඇති කරගන්නා සබඳතාවයක් බිඳී යාමෙන් පසු පළිගැනීමේ සහ අපහාස කිරීමේ චේතනාව මතය මේවා ප්‍රසිද්ධ කිරීමද සිදු වේ.

READ:   නැවතත් වැසි තත්වයේ වැඩිවීමක් - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

විශේෂයෙන්ම කාන්තාවන් මේ ගැන අවධානයෙන් සිටිය යුතුයි. මේ වගේ අවස්ථා වලට පත් නොවීමට ඔබ උපක්‍රමශීලී විය යුතුයි. ප්‍රසිද්ධියට පත් කළාට පසු සුළු කාලයක් ඇතුලත මේවා ඉතා වේගයෙන් සංසරනය වනවා.

නීතිය ක්‍රියාත්මක වෙයි. එහෙත් ඒ වෙද්දී ඇයට අපහාසවලට මුහුණ දීමට, අපවාදයන්ට ලක් වෙලා වෙන්න තියෙන හානිය වෙලා ඉවරයි. එවන් අවස්ථා ඇති නොකරගත්තොත් ඒ කිසිම ගැටළුවක් නෑ.

Sachinthana Jayaranga : (සයිබර් අපරාධ ගැන සමාජ මාධ්‍යට එක්කර තිබූ ලිපියකි.)

RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්