අධික ලෙස කොරෝනා වසංගතය පැතිර ගිය සමයේ කොරෝනා ආසාදිතයන් නිරෝධායනය හා අවශ්‍ය ප්‍රතිකාර ලබාදීම සඳහා පහසුකම් ඇතිව යොදාගත් වරාය අධිකාරිය සතු වන තොටලඟ ගොඩනැගිලි සංකීර්ණය නාවික ක්ෂෙත්‍රයේ තරුණ තරුණියන් පුහුණු කරන මහපොළ පුහුණු මධ්‍යස්ථානයට ලබාදීමට වරය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පියවර ගෙන ඇත. එතුමා මේ බව ප්‍රකාශ කර සිටියේ මෙම ගෙඩනැගිලි සංකිර්ණයේ නීර්කෂණ චාරිකාවකට එක් වෙමිනි.
වෘත්තීය සමිති නායකයින් මෙම ගොඩනැගිල්ලි සංකීර්ණය නඩත්තු කරමින් නිකරුනේ පවත්වාගෙන යෑම විශාල නාස්තියක් බව අමාත්‍ය තුමන්ට දැනුම්දීමෙන් අනතුරුව එතුමන් මෙම ගොඩනැගිල්ලි සංකීර්ණය නිරීක්ෂණය සඳහ අද දිනයේ යොමු විය. එහිදි එතුමන්, මහපොළ පුහුණු මධ්‍යස්ථානයේ ඉඩ පහසුකම් අඩුවීම නිසා මෙම ගොඩනැගිලි සංකීර්ණය එම පුහුණු කටයුතු සඳහා පැවරීම වඩාත් යෝග්‍ය බව ප්‍රකාශ කළ සිටි අතර මෙම ගොඩනැගිල්ල සමඟ තිබෙන නේවාසිකාගාරයද පුහුණු වන්නන්ගේ අනේවාසික පහසුකම් සඳහා යොදාගන්නා ලෙස ද දන්වා සිටියා.තවදුරටත් මෙම සංකීර්ණයේ ඇති වෛද්‍ය උපකරණ සහ මෙවලම් ප්‍රධාන වෛද්‍ය මධ්‍යස්ථානයට ස්ථානගත කර හය සියයක් පමණ වන වරාය සේවකයන්ගේ වෛද්‍ය වාර්තා මාසයක් ඇතුලත පරිගණක ගත කිරිමට පියවර ගන්නා ලෙසත් එතුමන් වරාය වෛද්‍ය නිලධාරිනීයට සහ වරාය උප සභාපති
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්රික්කවල පස්වරු 1.00…
ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්රියාත්මක නොවූ ශක්තිමත් රාජ්ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…