Wednesday, July 15, 2026
Homeදේශීයඅයි.එම්.එෆ් ශ්‍රි ලංකාවට ණය ලබා දීම ප්‍රතික්ෂේප කර ඇති බවට ප්‍රකාශයක්

අයි.එම්.එෆ් ශ්‍රි ලංකාවට ණය ලබා දීම ප්‍රතික්ෂේප කර ඇති බවට ප්‍රකාශයක්


   ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රි ලංකාවට ණය ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති බවට හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික හා ආර්ථීක විද්‍යාව පිලිබඳ මහාචාර්ය වරයකු වෙන ‘steve Hanke’ මහතා ප්‍රකාශ කර සිටිනවා. ශ්‍රි ලංකාවට මෙම තත්වය අතිශ්‍ය බරපතල තත්වයක් වන බව පෙන්වා දෙන එතුමන් අයි.එම්.එෆ් මෙලෙස ශ්‍රි ලංකාව ප්‍රතික්ෂේප කිරීමට හේතුව වී ඇත්තේ ශ්‍රි ලංකාවේ ආර්ථිකය සවිමත් කර ගැනීම සඳහා අයි.එම්.එෆ් මගින් ඉදිරිපත් කළ වැඩසටහන් 16 කින් යුත් සැලසුම ලංකා රජය මෙතෙක් ක්‍රියාත්මකකර  නොමැති වීම වන බව එතුමන් ප්‍රකාශ කර සිටියා. මෙම තත්වය වන විට ශ්‍රි ලංකාවේ උද්දමනය 122% ලෙස තමන් ගණන්බළා  ඇති බවත් එවැනි තත්වයක් තුල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතික්ෂේප වීම  ශ්‍රි ලංකාවට දරුණු ප්‍රතිඵල වලට මුහුණ දීමට හේතු විය හැකි බව එතුමන් වැඩිදුරටත් අවධාරණය කර සිටියා.

READ:   පොහොට්ටුව ඡන්දෙට ඇප මුදල් තැන්පත් කරයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්