දේශීය

ඉන්ධනහලේ දී පුද්ගලයෙකුට පහරදුන් හමුදා නිලධාරියා ගැන පරීක්ෂණ


    කුරුණෑගල යක්ගහපිටිය ප්‍රදේශයේ IOC සමාගමට අයත් ඉන්ධන පිරවුම් හලක් තුලදි සිවිල් පුද්ගලයෙකුට නිලලත් හමුදා නිලධාරියකු විසින් පහරදෙන අවස්ථාවක් සහිත විඩියෝ පටයක් සමාජ ජාලා හරහා සංසරණය වූවා. මෙහිදි අදාල හමුදා නිලධාරියා විසින් පුද්ගලයාට පයින් පහරදෙන අවස්ථාව බොහෝ  පිරිසකගේ අවධානයට ලක්ව තිබුණා.
 මෙම සිද්ධිය පිලිබඳව කරුණු ඉදිරිපත් කළ යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක ‘ බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න’ මහතා ප්‍රකාශ කර සිටියේ.. එම ඉන්ධන හලට භාහිරෙන් පැමිණි පිරිසක්  කලහකාරි ලෙස හැසිරිමින් ආරක්ෂක අංශයේ රාජකාරියේ නිරත නිලධාරීන් හට පරුෂ වචනයෙන් බැණ වැදී ඇති බවත්. එහිදි එම පුද්ගලයන්ගෙන් කෙනෙකු පොලිසිය සහ හමුදා නිලධාරින් විසින් ඉවතට රැගෙන යද්දි අදාල හමුදා නිලධාරියා විසින් එම පුද්ගලයාට පහර දීමක් සිදුකර ඇති බවයි. මෙම පහරදීම කළ හමුදා නිලධාරියා සම්බන්ධයෙන් යුධ හමුදාව මගින් අභ්‍යන්තර විනය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් කලහකාරි ලෙස  හැසිරුණු සිවිල් පුද්ගලයන් දෙදෙනෙකු පොලිසිය භාරයට පත් කර ඇති බවත් ප්‍රකාශ කර සිටියා.

ReplyForward

Recent Posts

SAWM-SL ඩිජිටල් සමානාත්මතා AI පුහුණු වැඩමුළු සඳහා අයදුම්පත් දැන් විවෘතයි

COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…

2 days ago

LTTE සංවිධානය විසින් ඝාතනය කළ යාපනය සරසවියේ ආචාර්ය රාජිනී තිරාණගමගේ දියණිය — අද Stanford සරසවියේ ප්‍රකට මානව විද්‍යාඥවරියක්

Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…

3 days ago

නව චීන තානාපති සහ ජවිපෙ ප්‍රධාන ලේකම් අතර හමුවක්

ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…

4 days ago

නැගෙනහිර බහලුම් පර්යන්තයේ දෙවැනි අදියරේ සංවර්ධන කටයුතුවල විෂමතා අක්‍රමිකතා රැසක් පවතිනවා – විපක්ෂ නායක

නැගෙනහිර බහලුම් පර්යන්තයේ දෙවැනි අදියරේ සංවර්ධන වැඩකටයුතු ගැන විෂමතා අඩුපාඩු ගණනාවක් ඇති බවට එහි සේවය…

4 days ago

BREAKING

22 වැනි සංශෝධනයට එරෙහි පෙත්සම් පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීමේ ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරේ

6 days ago

තැඹිලි ගම්මාන 250ක් පිහිටුවීමේ ජාතික ව්‍යාපෘතිය හෙට ඇරඹේ

චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…

6 days ago