Monday, April 20, 2026
Homeදේශීයආර්ථික අර්බුදය විසදීම සඳහා තම උපරිම දායකත්වය ලබාදෙනනවා- අග්‍රාමාත්‍ය

ආර්ථික අර්බුදය විසදීම සඳහා තම උපරිම දායකත්වය ලබාදෙනනවා- අග්‍රාමාත්‍ය

ආර්ථික අර්බුදය විසදීම සඳහා තම උපරිම දායකත්වය ලබාදෙන බව නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දීමෙන් පසු ආශිර්වාද ලබාගැනීම සඳහා ගංඟාරාම විහාරස්ථානයට පැමිණීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්ණවලට පිළිතුරු ලබාදෙමිනි.

ඉදිරි මාස කිහිපය මීටත් වඩා අමාරු විය හැකි බවත් එහෙත් මෙම ආර්ථික අර්බුදයෙන් ගොඩ ආ යුතු බවත් අගමැතිවරයා පෙන්වා දුන්නේය.

මෙම ආර්ථික අර්බදුයෙන්ම ගොඩ ඒමට තමයි මම මෙය භාර ගත්තේ, ඒහෙත් ඒය තනියම කළ නොහැකි බවත් ඒ සඳහා අන් රටවල ආධාර ලබා ගත යුතු බවද අගමැතිවරයා කිය.

අපි තුන්වේලක් කන ජාතියක් වෙන්න ඕන. රුපියලට වටිනාකමක් තිබෙන්න ඕන.තරුණයන්ට අනාගතයක් තියෙන්න ඕන ”යැයි අගමැතිවරයා වැඩිදුරටත් කිය. පාර්ලිමේන්තුවේ සියළු දෙනාගේම සහය ඇතිව මෙය ඉදිරියට කරගෙන යා හැකි බවද අගමැතිවරයා සඳහන් කළේය.

READ:   මෛත්‍රීපාලට එරෙහිව කඩිනමින් නීතිය ක්‍රියාත්මක කරන්න - කතෝලික විභාවනයෙන් පොලීසියට පැමිණිල්ලක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්