ගාලුමුවදොර සාමකාමි විරෝධතාවක නිරතව සිටින අයට පහර දීම පිළිකුල්සහගතව හෙළා දකින බවත් රට තුළ දේශපාලන ස්ථාවරත්වය ගොඩනඟා ගැනීමට දේශපාලන පක්ෂ ප්‍රමුඛ අනෙකුත් බලධාරීන් කටයුතු නොකරන්නේ නම් තමා මහ බැංකු අධිපති ධුරයෙන් ඉල්ලා අස් වන බවත් ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඊයේ (11) ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා මහ බැංකුවේදී පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.
රට තුළ යහපත් දේශපාලන ස්ථාවරත්වයක් ගොඩ නොනැඟුණ හොත් නැවත මේ රට ගොඩ ගැනීම තමාට නොව කිසිවකුටත් කළ නොහැකි වනු ඇතැයි පැවසූ ඒ මහතා, මේ බව තමන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ලටම දන්වා ඇති බවත් කීවේය. සියල්ල එකමුතු වී රට ගොඩ ගැනීමට අවශ්‍ය තීන්දු තීරණ ගැනීම ඔවුන්ගේ වගකීම බවත් හෙතෙම කීවේය. තමන් මහ බැංකු අධිපති ධුරය භාර ගැනීමට මෙරටට පැමිණියේ සති දෙකක් තුළ දේශපාලන ස්ථාවරත්වයක් ඇති වී තමන්ගේ සිත් තුළ තිබූ ආර්ථිකය යථාවත් කිරීමේ සැලසුම් ක්‍රියාත්මක කිරීමට හැකි වනු ඇතැයි විශ්වාසය මත බව ද හෙතෙම කීවේය. කෙසේ වෙතත් තමන් මහ බැංකු අධිපති ධුරය භාර ගෙන මාසයකට ආසන්න කාලයක් ගත වුවද තවමත් රට දේශපාලන වශයෙන් අස්ථාවර තත්ත්වයක පැවතීම මහ බැංකුවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමේ සැලසුම් ඉදිරියට ගෙන යෑම බරපතළ අභියෝගයකට ලක් කර ඇතැයි ද වීරසිංහ මහතා පැවසුවේය.
ජයසිරි මුණසිංහ සහ මහින්ද අලුත්ගෙදර (DINAMINA)
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…