ගාලුමුවදොර සාමකාමි විරෝධතාවක නිරතව සිටින අයට පහර දීම පිළිකුල්සහගතව හෙළා දකින බවත් රට තුළ දේශපාලන ස්ථාවරත්වය ගොඩනඟා ගැනීමට දේශපාලන පක්ෂ ප්‍රමුඛ අනෙකුත් බලධාරීන් කටයුතු නොකරන්නේ නම් තමා මහ බැංකු අධිපති ධුරයෙන් ඉල්ලා අස් වන බවත් ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඊයේ (11) ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා මහ බැංකුවේදී පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.
රට තුළ යහපත් දේශපාලන ස්ථාවරත්වයක් ගොඩ නොනැඟුණ හොත් නැවත මේ රට ගොඩ ගැනීම තමාට නොව කිසිවකුටත් කළ නොහැකි වනු ඇතැයි පැවසූ ඒ මහතා, මේ බව තමන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ලටම දන්වා ඇති බවත් කීවේය. සියල්ල එකමුතු වී රට ගොඩ ගැනීමට අවශ්‍ය තීන්දු තීරණ ගැනීම ඔවුන්ගේ වගකීම බවත් හෙතෙම කීවේය. තමන් මහ බැංකු අධිපති ධුරය භාර ගැනීමට මෙරටට පැමිණියේ සති දෙකක් තුළ දේශපාලන ස්ථාවරත්වයක් ඇති වී තමන්ගේ සිත් තුළ තිබූ ආර්ථිකය යථාවත් කිරීමේ සැලසුම් ක්‍රියාත්මක කිරීමට හැකි වනු ඇතැයි විශ්වාසය මත බව ද හෙතෙම කීවේය. කෙසේ වෙතත් තමන් මහ බැංකු අධිපති ධුරය භාර ගෙන මාසයකට ආසන්න කාලයක් ගත වුවද තවමත් රට දේශපාලන වශයෙන් අස්ථාවර තත්ත්වයක පැවතීම මහ බැංකුවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමේ සැලසුම් ඉදිරියට ගෙන යෑම බරපතළ අභියෝගයකට ලක් කර ඇතැයි ද වීරසිංහ මහතා පැවසුවේය.
ජයසිරි මුණසිංහ සහ මහින්ද අලුත්ගෙදර (DINAMINA)
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…
Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…
Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…
Sri Lankan Environment Minister responding to questions about the Kavanthissa elephant death
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…