පුරවැසියන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය සහ පළි ගැනීමේ ක්‍රියා නතර කර සන්සුන්ව සිටින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කරයි.
ව්‍යවස්ථාපිත ජනවරම තුළ සහ ආර්ථික අර්බුදය විසඳීම සඳහා සම්මුතිය තුළින් දේශපාලන ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීමට සියලු උත්සාහයන් ගනු ලබන බව ජනාධිපතිවරයා එහි වැඩි දුරටත් සටහන් කර තිබේ.
-dinaina


