Friday, April 24, 2026
Homeදේශීයපොලිස්පතිගෙන් CIDයට නියෝග

පොලිස්පතිගෙන් CIDයට නියෝග

අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලුමුවදොර රැඳී සිටි විරෝධතාකරුවන්ට පහර දීම සහ දේපළවලට හානි කිරීම සම්බන්ධයෙන් වහා විමර්ශනයක් ආරම්භ කර, අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත නියෝග කර තිබේ.

පෙරේදා (09) පෙරවරුවේ අග්‍රාමාත්‍යවරයාට සහාය පළ කිරීම සඳහා අරලියගහ මන්දිරයට පැමිණි පිරිසක් පසුව එම මන්දිරය ඉදිරිපිට කූඩාරම් තුළ රැඳී සිටි විරෝධතාකරුවන් වෙත ගොස් ප්‍රචණ්ඩකාරි ලෙස හැසිරෙමින් එම ස්ථානයේ තිබූ දේපළවලට හානි කොට රැඳී සිටි පිරිසට පහරදී අනතුරුව පොලිස් අණ නොතකා ගාලුමුවදොර ජනාධිපති කාර්යාලය අසල රැඳී සිටි විරෝධතාකරුවන් අසලට ද ගොස් එහි දේපළවලට හානි කොට තිබිණි.

-dinamina

READ:   පළාත් කිහිපයකට සවස් වරුවේ වැසි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්