අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලුමුවදොර රැඳී සිටි විරෝධතාකරුවන්ට පහර දීම සහ දේපළවලට හානි කිරීම සම්බන්ධයෙන් වහා විමර්ශනයක් ආරම්භ කර, අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත නියෝග කර තිබේ.
පෙරේදා (09) පෙරවරුවේ අග්‍රාමාත්‍යවරයාට සහාය පළ කිරීම සඳහා අරලියගහ මන්දිරයට පැමිණි පිරිසක් පසුව එම මන්දිරය ඉදිරිපිට කූඩාරම් තුළ රැඳී සිටි විරෝධතාකරුවන් වෙත ගොස් ප්‍රචණ්ඩකාරි ලෙස හැසිරෙමින් එම ස්ථානයේ තිබූ දේපළවලට හානි කොට රැඳී සිටි පිරිසට පහරදී අනතුරුව පොලිස් අණ නොතකා ගාලුමුවදොර ජනාධිපති කාර්යාලය අසල රැඳී සිටි විරෝධතාකරුවන් අසලට ද ගොස් එහි දේපළවලට හානි කොට තිබිණි.
-dinamina
ශ්‍රී ලංකාවට තවදුරටත් වරින් වර සිදුකරන ව්‍යවස්ථා සංශෝධන වෙනුවට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මූලික අවබෝධයක් සහිතව…
ආසියානු කුසලාන අවසන් මහා තරගයේදී ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පරාජයට පත්වීමෙන් අනතුරුව පැවති…
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…