දේශීය

පොලිස්පතිගෙන් CIDයට නියෝග

අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලුමුවදොර රැඳී සිටි විරෝධතාකරුවන්ට පහර දීම සහ දේපළවලට හානි කිරීම සම්බන්ධයෙන් වහා විමර්ශනයක් ආරම්භ කර, අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත නියෝග කර තිබේ.

පෙරේදා (09) පෙරවරුවේ අග්‍රාමාත්‍යවරයාට සහාය පළ කිරීම සඳහා අරලියගහ මන්දිරයට පැමිණි පිරිසක් පසුව එම මන්දිරය ඉදිරිපිට කූඩාරම් තුළ රැඳී සිටි විරෝධතාකරුවන් වෙත ගොස් ප්‍රචණ්ඩකාරි ලෙස හැසිරෙමින් එම ස්ථානයේ තිබූ දේපළවලට හානි කොට රැඳී සිටි පිරිසට පහරදී අනතුරුව පොලිස් අණ නොතකා ගාලුමුවදොර ජනාධිපති කාර්යාලය අසල රැඳී සිටි විරෝධතාකරුවන් අසලට ද ගොස් එහි දේපළවලට හානි කොට තිබිණි.

-dinamina

Recent Posts

ප්‍රදේශ කිහිපයක අදත් හවසට වැස්ස

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00…

17 hours ago

තුර්කි – ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත හමුවක්

ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…

17 hours ago

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

2 days ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

2 days ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

4 days ago