දේශීය

නව කැබිනට් අමාත්‍යවරු 17ක් ජනපති ඉදිරියේ දිවුරුම් දෙති

නව කැබිනට් අමාත්‍යවරු 17 දෙනෙක් කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී අද (18) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.

එම අමාත්‍ය ධූර පහත පරිදි වෙයි

  1. දිනේෂ් ගුණවර්ධන මහතා – රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන
  2. ඩග්ලස් දේවානන්දා මහතා – ධීවර අමාත්‍ය
  3. රමේෂ් පතිරණ මහතා – අධ්‍යාපන, වැවිලි කර්මාන්ත
  4. ප්‍රසන්න රණතුංග මහතා – මහජන ආරක්ෂක, සංචාරක
  5. දිලුම් අමුණුගම මහතා – ප්‍රවාහන, කර්මාන්ත
  6. කණක හේරත් මහතා – මහාමාර්ග
  7. විදුර වික්‍රමනායක මහතා – කම්කරු
  8. ජානක වක්කුඹුර මහතා – කෘෂිකර්ම, වාරිමාර්ග
  9. ෂෙහාන් සේමසිංහ මහතා – වෙළෙඳ, සමෘද්ධි සංවර්ධන
  10. මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා – ජල සම්පාදන
  11. විමලවීර දිසානායක මහතා – වනජීවි හා වන සම්පත් සංරක්ෂණ
  12. කංචන විජේසේකර මහතා – බලශක්ති, විදුලිබල
  13. තේනුක විදානගමගේ මහතා – තරුණ හා ක්‍රීඩා
  14. නාලක ගොඩහේවා මහතා – ජනමාධ්‍ය
  15. චන්න ජයසුමන මහතා – සෞඛ්‍ය
  16. නසීර් අහමඩ් මහතා – පරිසර
  17. ප්‍රමිත බණ්ඩාර තේනතකෝන් මහතා – වරාය හා නාවික

ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් සහ මුදල් අමාත්‍ය අලි සබ්‍රී යන මහත්වරුන් දැරූ අමාත්‍ය ධුරවල සංශෝධනයක් සිදු නොවන බව ද නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි

Recent Posts

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

3 hours ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

3 hours ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

2 days ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

2 days ago

ලංගමට තවත් බස් 800ක් – මෙට්‍රෝ බස් 50කුත් එකතු වෙයි

සුභා­ෂිණී සේනා­නා­යක, නිමල් රාජ­පක්ෂ පොදු ප්‍රවා­හන සේවාවේ ප්‍රධාන භූමි­කා­වක් ඉටු­ ක­රන ලංගම තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මට…

2 days ago

පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් අපේ පූර්ණ සහයෝගය!- විපක්ෂ නායක

පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…

2 days ago