දේශීය

නව කැබිනට් අමාත්‍යවරු 17ක් ජනපති ඉදිරියේ දිවුරුම් දෙති

නව කැබිනට් අමාත්‍යවරු 17 දෙනෙක් කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී අද (18) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.

එම අමාත්‍ය ධූර පහත පරිදි වෙයි

  1. දිනේෂ් ගුණවර්ධන මහතා – රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන
  2. ඩග්ලස් දේවානන්දා මහතා – ධීවර අමාත්‍ය
  3. රමේෂ් පතිරණ මහතා – අධ්‍යාපන, වැවිලි කර්මාන්ත
  4. ප්‍රසන්න රණතුංග මහතා – මහජන ආරක්ෂක, සංචාරක
  5. දිලුම් අමුණුගම මහතා – ප්‍රවාහන, කර්මාන්ත
  6. කණක හේරත් මහතා – මහාමාර්ග
  7. විදුර වික්‍රමනායක මහතා – කම්කරු
  8. ජානක වක්කුඹුර මහතා – කෘෂිකර්ම, වාරිමාර්ග
  9. ෂෙහාන් සේමසිංහ මහතා – වෙළෙඳ, සමෘද්ධි සංවර්ධන
  10. මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා – ජල සම්පාදන
  11. විමලවීර දිසානායක මහතා – වනජීවි හා වන සම්පත් සංරක්ෂණ
  12. කංචන විජේසේකර මහතා – බලශක්ති, විදුලිබල
  13. තේනුක විදානගමගේ මහතා – තරුණ හා ක්‍රීඩා
  14. නාලක ගොඩහේවා මහතා – ජනමාධ්‍ය
  15. චන්න ජයසුමන මහතා – සෞඛ්‍ය
  16. නසීර් අහමඩ් මහතා – පරිසර
  17. ප්‍රමිත බණ්ඩාර තේනතකෝන් මහතා – වරාය හා නාවික

ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් සහ මුදල් අමාත්‍ය අලි සබ්‍රී යන මහත්වරුන් දැරූ අමාත්‍ය ධුරවල සංශෝධනයක් සිදු නොවන බව ද නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි

Recent Posts

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

8 hours ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

1 day ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

1 day ago

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

6 days ago