2022 විස්සයි විස්ස ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ දෙවන තරඟය එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම සමඟ අද පැවැත්වුණා.
එහිදි පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 8ක් දැවී ලකුණු 152ක් ලබාගත්තා.
ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවට පහරදීමේදී පැතුම් නිස්සංක පන්දු 60 කදී ලකුණු 74ක් වාර්තා කළා.
පන්දු යැවීමේදී එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම වෙනුවෙන් කඩුලු ත්‍රිත්වයක් වාර්තා කිරීමට Karthik Maiyappan සමත් වුණා.
ලකුණු 153ක ඉලක්කයක් හබා යෑම සඳහා පිටියට පිවිසි එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමට පන්දුවාර 17ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 73ක් පමණයි.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී දුෂ්මන්ත චමීර කඩුලු 3 ක් සහ වනිඳු හසරංග කඩුලු 3ක් බැගින් ලබාගත්තා.
ඒ අනුව විස්සයි විස්ස ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගී වූ දෙවන තරඟය ලකුණු 79 කින් ජයග්‍රාහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා.






