හදිසි අවස්ථා නීතිය හා ඇඳිරි නීතිය පනවනු ලැබූයේ සාමය, ජන ජීවිතය, මහජන සහ පෞද්ගලික දේපළ ආරක්ෂා කිරීමේ එකම අරමුණ ඇතිව බව රජය පවසයි.
භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස හා සාමකාමී ලෙස විරෝධය පෑමේ අයිතිය මෙන්ම මහජන සාමය හා රාජ්‍ය, පෞද්ගලික දේපළ ආරක්ෂා කිරීමට ද රජය බැඳී සිටින බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස, සාමකාමී ලෙස රැස්වීමේ හා විරෝධය පෑමේ අයිතිය ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් තහවුරු කොට ප්‍රවර්ධනය කිරීම රජය ප්‍රතිඥා දී පිළිගෙන ඇති ප්‍රතිපත්තියක් බවත් පසු ගිය වසර දෙකට වැඩි කාලය තුළ ඒ බව ප්‍රායෝගිකව සනාථ කර ඇති බවත් එහි සඳහන් වේ.
වත්මන් ජනාධිපතිවරයා බලයට පත්වීමෙන් පසු කිසිදු සාමකාමී උද්ඝෝෂණයකට හෝ විරෝධතා පෙළපාළියකට හෝ බැටන් ප්‍රහාර, කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළේ නැති බව පවසන එම දෙපාර්තමේන්තුව ඇතැම් අවස්ථාවක විරෝධතාකරුවන්ගේ නියෝජිතයන් ජනාධිපති කාර්යාලයට කැඳවා ප්‍රශ්න සාකච්ඡා කොට විසඳුම් දෙනු ලැබූ බව පවසයි.
උපුටා ගැනීම – දිනමිණ පුවත්පතෙන්
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…