Friday, June 5, 2026
Homeදේශීයඇඳිරි නීතිය දැම්මේ සාමය රකින්නයි

ඇඳිරි නීතිය දැම්මේ සාමය රකින්නයි

හදිසි අවස්ථා නීතිය හා ඇඳිරි නීතිය පනවනු ලැබූයේ සාමය, ජන ජීවිතය, මහජන සහ පෞද්ගලික දේපළ ආරක්ෂා කිරීමේ එකම අරමුණ ඇතිව බව රජය පවසයි.

භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස හා සාමකාමී ලෙස විරෝධය පෑමේ අයිතිය මෙන්ම මහජන සාමය හා රාජ්‍ය, පෞද්ගලික දේපළ ආරක්ෂා කිරීමට ද රජය බැඳී සිටින බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස, සාමකාමී ලෙස රැස්වීමේ හා විරෝධය පෑමේ අයිතිය ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් තහවුරු කොට ප්‍රවර්ධනය කිරීම රජය ප්‍රතිඥා දී පිළිගෙන ඇති ප්‍රතිපත්තියක් බවත් පසු ගිය වසර දෙකට වැඩි කාලය තුළ ඒ බව ප්‍රායෝගිකව සනාථ කර ඇති බවත් එහි සඳහන් වේ.

වත්මන් ජනාධිපතිවරයා බලයට පත්වීමෙන් පසු කිසිදු සාමකාමී උද්ඝෝෂණයකට හෝ විරෝධතා පෙළපාළියකට හෝ බැටන් ප්‍රහාර, කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළේ නැති බව පවසන එම දෙපාර්තමේන්තුව ඇතැම් අවස්ථාවක විරෝධතාකරුවන්ගේ නියෝජිතයන් ජනාධිපති කාර්යාලයට කැඳවා ප්‍රශ්න සාකච්ඡා කොට විසඳුම් දෙනු ලැබූ බව පවසයි.

උපුටා ගැනීම – දිනමිණ පුවත්පතෙන්

READ:   චන්ද්‍රිකා සජිත් හමුවෙදි මොකද වුණේ?
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්