Sunday, April 26, 2026
Homeදේශීයඋද්ඝෝෂණයට විපක්ෂයේ සම්බන්ධයක් තිබෙනවා - ප්‍රසන්න රණතුංග

උද්ඝෝෂණයට විපක්ෂයේ සම්බන්ධයක් තිබෙනවා – ප්‍රසන්න රණතුංග

වර්තමානයේ මෙන්ම ඉතිහාසය පුරා ද රටට ආදරය කරන නායකයන් එළවීමේ බලවේග ක්‍රියාත්මක වූ බව සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

ඇමැතිවරයා මෙසේ පැවසුවේ ඊයේ (01) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුකවට එක් වෙමිනි.

ජනාධිපතිවරයාගේ නිවෙස ඉදිරිපිට සිදු වීමට විපක්ෂයේ දේශපාලන පක්ෂවල සාමාජිකයන් සම්බන්ධ බව සිද්ධියට අදාළ වීඩියෝ පට මඟින් තහවුරු වන බව ද ඇමැතිවරයා පැවසීය.

2015 පැවැති මහ මැතිවරණයට ජනතා විමුක්ති පෙරමුණෙන් ඉදිරිපත් වූ අපේක්ෂකයකු ද උද්ඝෝෂණයේ ඉදිරියෙන්ම සිටි බව ද කී ඇමැතිවරයා පාස්කු ඉරුදින ප්‍රහාරයට ද ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලයිස්තු අපේක්ෂකයකුගේ නම සම්බන්ධ වූ බව සිහිපත් කළේය.

සාමකාමීව පැවති උද්ඝෝෂණය අවසානයේ දේශපාලන අන්තවාදීන් පිරිසක් අතට ගෙන රටට අලාභ කිරීමක් ලෙස මේ සිදු වීම දකින බව ද ඇමැතිවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

රන්මලී සෝමසිරි – දිනමිණ

READ:   BREAKING- IMF අනුමැතිය හිමි වෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්