දේශීය

තනිකඩව මියැදුණු වාසනාවන්තිය! ලතා මංගේෂ්කාර්

ලතා මංගේෂ්කාර් තනිකඩව මියැදුණු බවත් එසේ වීමට හේතුව වූයේ රාජවංශික අයෙකු සමග ප්‍රේමයෙන් බැඳී එය බිඳී යාම බවත් පිළිබඳව වන කතා පුවත යළි සාකච්ඡාවට පැමිණ තිබේ. වංශයක නොපෑහීම උඩ මෙතරම් කීර්තිමත් ලතා මංගේෂ්කාර්ගේ ප්‍රේමයටත් හිමි වූයේ රදල සහායක ඉරණමකි. මුළු රටක් එක සේ ශෝක වූ ලතා ජීගේ ප්‍රේමය අහිමි වීමට සත්‍යම හේතුව වූයේ මෙය නම් අපේ රටද නිසැකවම ඈ වෙනුවෙන් තවත් සුදු කොඩියක් දැමිය යුතුය.


ආසියාතික, වැඩවසම් සමාජීය සිතුවිලි හමුවේ පෙම්වතුන් වෙන් වූ, එක් වූ පෙම්වතුන් බහුතරයකගේ විවාහයන්, ජීවිත විනාශ වූ අවස්ථා බෙහෙවින්ය. ප්‍රේමය වෙනුවෙන් සදාකාලික කම්පනයක් දරාගෙන තනිකඩ වූ කතුන්, වැඩවසම් සිතුවිලි ජයගෙන විවාහ වූ කතුන්, විවාහ වීත් රදල දෘෂ්ටිවාදී දරුණු හා සුළු පීඩාවන්ට මුහුණ දී ගොඩ ආ කතුන් සහ ජීවිත කාලය එකී පීඩාවෙන්ම දුක් විඳ මිය ගිය කතුන්ද මේ සමාජය තුළින් බොහෝ හඳුනාගත හැකිය.


විවාහය හෝ විවාහ ජීවිතය සුරඟන කතාවක් හැටියට අද කාලයේ දකින ගැහැනුන්ට රදල සිතුවිලි, මුදල් බලය, ආගමික පරපීඩනය ⁣ජයගැනීම අද අභියෝගයක් වී තිබේ. පුරුෂ මූලික කාරණය ඔප්පු කරන්නටම ජීවත් වන සැමියෙකු විනා සාධාරණව කටයුතු කරන මිනිසෙකු සොයාගැනීමද දුෂ්කරම කාර්යයක් වී තිබේ. සමාජ ජාලවලින් පවුල් ජීවිතයේ තත්ත්වය අඩුවැඩිව පෙන්වා දෙන, ගැහැනියගේ ආර්ථික හෝ සමාජීය ජීවිතය තවමත් කුණු මුල්ලක් ලෙසම හංවඩු ගසන සමාජයක් ස්වරූප වෙනස් වී අපට ඉතිරි වී ඇත. දරුවන් ලැබීම, තරබාරු වීම, වැහැරී යාම මෙන්ම දරුපවුල් රැකගැනීමද ස්වයං අරගලයක් කොට තෝරාගැනීම ගැහැනුන්ට තවමත් විවාහය වී තිබේ. විවාහ වන ගැහැනියගේ අවදි වන වේලාවේ සිට නින්දට යන වේලාව දක්වා ජීවන විලාසයම අරගලයක් බවට වී ඇත.. උපයන හැම සතයේම විනිවිදභාවය, නිදහස් මනසින් යමක් මිලදී ගැනීමේ හැකියාව පාලනය කරන්නක් බවට විවාහය පත් වී තිබේ. අවම වශයෙන් තම ලෙයින්ම පෝෂණය කරන දරුවන් පවා තමන්ට අහිමිය යන සිතුවිල්ල තරාතිරමකින් තොරව බොහෝ ගැහැනුන්ට පීඩා කරන හැටි බලන්නට නම් ගැහැනුන් බහුතරයක් සිටින සමූහවලට එබී බැලිය යුතුය. තමන්ට හිමි කුඩා ඉඩක බැබලෙන මිනිසුන් ඉදිරිවැ ලෝකය පුරා කරක් ගැසූ කතුන්ට සමාජය යනු මෙයැයි, මින් ඉදිරියේදී මෙය තෝරාගන්නැයි විවාහයේ නාමයෙන් පවසන පිරිමින් කොතෙකුත් අද සිටී. දෑත් වීරියෙන් කරන මෙහෙය පසෙක තබා වදනකට උරණව ගැහැනුන් උස්සා පොළොවේ ගසන පිරිමින්ද සිටී.

ප්‍රේමය වෙනුවෙන් තනිකම හෝ ඒ වෙනුවෙන් බලාහිඳීම තෝරාගත් කතුන් විවාහයට තල්ලු කිරීමද සමාජයේ එක් විලාසිතාවක් වී ඇත. බොහෝ පිරිමින්ද ඇතැම් විට මේ දිය සුළියට හසු වන්නේය. ලතා ජී උඩුගං බලා පිහිනා ඇත්තේ මෙකී දිය සුළි අතරෙනි. සිය රටේ, සිය ක්ෂේත්‍රයේ ගැහැනුන්, පිරිමින් බොහොමයකගේ ජීවිත එක් එක් විදිහට අර්බුදකාරී වෙද්දී, ඇතැමෙකු ඉහත විවිධ හේතූන් ඉදිරිවැ විරාමයක් ගෙන එද්දී, සමහරු සිය තෝරාගැනීම කුටුම්බයම කරගනිද්දී ලතා මංගේෂ්කාර්ව ජීවත් කරන්නට පමණක් ඇය යුහුසුළු වී ඇත. සුඛෝපභෝගී වාහන ගැන ඈ ඇලුම් කළ බව එක් සටහනක විය. එය කෙතරම් ආකර්ෂණීයද?

තමන් හම්බ කළ දෙය තමන්ටම වැය කිරීමේ ප්‍රීතිය වත්මන් සමාජයේ හැමෝටම හිමි වන්නක් නොවේ. ඈ ඇන්දේ ඈට ඕනා හැ⁣ටියටය. ඇගේ ක්ෂේත්‍රයේ බොහොමයක් වාගේ අඩු තරමේ කළමනාකරුවන්ටවත් ඕනා පරිදි නොවේ. ජීවිතයේ සියලු සම්බන්ධතා කළමනාකරණය කරමින් තමන්ට ගෙවිය හැකි සුවපහසු දිවියේ නිර්වාණය අත්කරගත් කතක් වීමට ඈ සමත් වී ඇත. තමන් ඉපැයූ කෝටි සිය ගණනක ධනස්කන්ධය එක් මිනිසෙකුගේ වදනකට යට නොකොට ඒවාට කළ යුත්ත තීරණය කිරීමේ නිදහස ඈ හිමිකරගෙන ඇත. ඈ පෙම් කළ තැනැත්තාද තනිකඩව මිය යාම මත ඇයද තනිකඩව මිය යෑම තෝරා ගත්තා නම් ඇගේ ප්‍රීතිය එයම නොවේද? ජීවිතය විශාල වන තරමට තමන්ම තෝරාගත් කුඩා ජීවිතය තුළ නිදහස අත්විඳි කතක් හැටියට ලතා මංගේෂ්කාර් ඉහළට එසවී ඇත. ඒ තමන්ටම එරෙහි වූ වැඩවසම් අභියෝග ඉදිරියේ සිටිමින්ය. මේ වැඩවසම් අභියෝග මැද ඇතැම් විට ඈ විවාහ වූවා නම් ඇයට ලතා මංගේෂ්කාර් ජීවත් කරන්නට නොහැකි වනු ඇත. ලොවක් පිනවීමටත් තමන් පිනවීමටත් ඕනා හඬක් පමණි. ආත්ම සංතෘප්තිය යනු කාගේවත් හිත රිදෙන්නක් නොවෙන බව ලතා මංගේෂ්කාර් කියා දී ඇත. කතුන් සවිබල ගැන්වීම යනු පළමුව ඔවුන් මානසිකව සවිමත් කිරීමය. පවතින සමාජීය පීඩා අතික්‍රමණය කිරීමට උගැන්වීමය. වැඩවසම්කමට වඩා තමන්ට තමන් වෙනුවෙන් ⁣පෙනී සිටීමට උගැන්වීමය. මේ සියල්ල සිදු වන්නේ නම් දුක් විඳින ගැහැනුන් වෙනුවට සැම තැනම ප්‍රීතිමත් කාන්තාවන් දැකීමට හැකි වනු ඇත

ෂිවන්ති ප්‍රනාන්දු

Recent Posts

චෙන්නායි හි දී ගැටුමක් දුර දිග යාමෙන් යතුරුපැදියක ගමන් ගත් ශ්‍රී ලාංකික තරුණියක් මෝටර් රථයකින් හප්පා ඝාතනය කරයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ චෙන්නායි නගරයේ කොයම්බේඩු පාලම අසලදී සිදු වූ අනතුරකින් වයස අවුරුදු 18ක් වූ…

1 week ago

අඛණ්ඩව දෙවන වරටත් Developer of the year සම්මානයෙන් ප්‍රයිම් සමූහය ජාත්‍යන්තරය ඉදිරියේ අභිසෙස් ලබයි.

දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ දශක තුනක අත්දැකීම් සහිත ප්‍රයිම් සමූහය, 2026 වසරේ Real Estate Asia Awards…

1 week ago

ගල්අ­ඟුරු ආන­ය­න­යට රජයෙන් දැඩි රීති මාලා­වක්

ලබන වසර සඳහා ගල්අ­ඟුරු ආන­ය­නය කිරී­මේදී බාල ප්‍රමි­ති­යෙන් යුත් නිෂ්පා­දන රට තුළට ඇතු­ළු­වීම වැළැ­ක්වීම සඳහා…

1 week ago

බැසිල්ට තාමත් බැරිලු – තනි­වම ගුවන් ගම­නක යන්න තරම් සෞඛ්‍ය යහ­පත් නෑ

ටපු අමාත්‍ය බැසිල් රාජ­පක්ෂ මහතා අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කරන ලෙස නියෝග කර­මින් මාතර සහ…

1 week ago

ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීම සඳහා පත් කළ විශේෂඥ කමිටුව ප්‍රථම වරට රැස්වෙයි.

"සහකම්පනයෙන් යුතු වෛද්‍යවරයෙකු බිහි කිරීමට හැකි නව මුහුණුවරක් ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනයට එක් කළ යුතුයි"…

2 weeks ago

උතුරේ දන්සල් පැවැත්වීම ගැන සමාජ මාධ්‍යයේ යන පුවත අසත්‍යයි. – උතුරු පළාත් ආණ්ඩුකාර

මෙවර වෙසක් සමය තුළ උතුරු පළාතේ දන්සල් පැවැත්වීමට සහ වෙසක් සැරසිලි කිරීමට උතුරු පළාත් ආණ්ඩුකාරවයා…

2 weeks ago