දකුණු කොරියාවේ රැකියා සදහා මේ වසරේ පිටත්වන හතරවන කණ්ඩායමේ ( 25)රාත්‍රී දිවයිනෙන් පිටත්ව ගිය අතර, එම කණ්ඩායමට රැකියාලාභීහු 80 දෙනකු ඇතුළත් වෙති.ඉන් ප්‍රථම වරට දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්වන 40 දෙනකු හා නිවාඩුවට ලංකාවට පැමිණ නැවත වරක් රැකියා සදහා පිටත්වන 40 දෙනකු ඇතුළත් විය.
දකුණු කොරියාවේ රැකියා සදහා 89 දෙනකුගෙන් සමන්විත පළමු කණ්ඩායම පසුගිය 04 බදාදා පිටත්ව ගියේය.
විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළදපල විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාගේ මැදිහත්වීම හේතුවෙන්, මේවනවිට කොරියාවේ රැකියා සදහා ගිවිසුම් ලැබිම ක්‍රමයෙන් වර්ධනය වී තිබේ. ඒ අනුව මේ වසරේ ජනවාරි මාසයේ පමණක් 169 දෙනකු දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගොස් ඇත.
2021 වර්ෂයේ දකුණු කොරියාවේ රැකියා සඳහා 1427 දෙනකු පිටවගොස් ඇත.
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…