Saturday, April 18, 2026
Homeදේශීයදකුණු කොරියාවේ රැකියා ලැබිම ක්‍රමයෙන් වැඩිවෙයි

දකුණු කොරියාවේ රැකියා ලැබිම ක්‍රමයෙන් වැඩිවෙයි

දකුණු කොරියාවේ රැකියා සදහා මේ වසරේ පිටත්වන හතරවන කණ්ඩායමේ ( 25)රාත්‍රී දිවයිනෙන් පිටත්ව ගිය අතර, එම කණ්ඩායමට රැකියාලාභීහු 80 දෙනකු ඇතුළත් වෙති.ඉන් ප්‍රථම වරට දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්වන 40 දෙනකු හා නිවාඩුවට ලංකාවට පැමිණ නැවත වරක් රැකියා සදහා පිටත්වන 40 දෙනකු ඇතුළත් විය.

දකුණු කොරියාවේ රැකියා සදහා 89 දෙනකුගෙන් සමන්විත පළමු කණ්ඩායම පසුගිය 04 බදාදා පිටත්ව ගියේය.

විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළදපල විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාගේ මැදිහත්වීම හේතුවෙන්, මේවනවිට කොරියාවේ රැකියා සදහා ගිවිසුම් ලැබිම ක්‍රමයෙන් වර්ධනය වී තිබේ. ඒ අනුව මේ වසරේ ජනවාරි මාසයේ පමණක් 169 දෙනකු දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගොස් ඇත.

2021 වර්ෂයේ දකුණු කොරියාවේ රැකියා සඳහා 1427 දෙනකු පිටවගොස් ඇත.

READ:   තවත් මරණ 27ක්!
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්