ක්‍රීඩා

මැලේසියාව පැරදූ ශ්‍රී ලංකා කාන්තාවෝ අපරාජිතව ඉදිරියට ඇදෙයි

මැලේසියාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කාන්තා සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ සෙනසුරාදා (22) පැවැති තවත් තරගයකදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 93 ක ජයක් සත්කාරක මැලේසියා කාන්තා කණ්ඩායමට එරෙහිව ලබාගැනීමට සමත්විය. එම ජයග්‍රහණයත් සමඟ චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා පිල එම තරග වටය යටතේ සහභාගිවූ තරග 3 ම ජය ගනිමින් ඉදිරියට යෑම කැපී පෙනෙයි.

මැලේෂියාව මේ තරගයේ කාසියේ වාසිය දිනා ශ්‍රී ලංකාවට මුලින් පන්දුවට පහරදීමට ඇරියුම් කළ අතර ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දු වාර 20කදී කඩුලු 3ක් දැවී පන්දුවාර 20 අවසානයේ ලබාගත් ලකුණු 175ට පිළිතුරු ලෙස මැලේෂියා කාන්තා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු හතක් දැවී ලබාගත්තේ ලකුණු 82ක් පමණකි.

ශ්‍රී ලංකා උප නායිකා හර්ෂිතා මාධවී පන්දු 42කදී හතරේ දහයක් සමඟ නොදැවී ලකුණු 65ක් රැස්කරමින් තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස තේරිණි. හර්ෂිතාට අමතරව නිලක්ෂි ද සිල්වා පන්දු 31කදී හතරේ හතක් සමඟ නොදැවී ලකුණු 49ක්ද නායිකා චමරි අතපත්තු පන්දු 17කදී හතරේ හතක් සමඟ ලකුණු 30ක්ද රැස්කළහ. මැලේෂියා නායිකා දුරායි සිං ලකුණු 42ක් ලැබුවාය.

හර්ෂිතා මාධවී සහ නිලක්ෂි ද සිල්වා සිව්වන කඩුල්ලට පන්දු 46කදී ලකුණු 87ක සබඳතාවයක් තබා ගනිමින් ලංකා කණ්ඩායමේ හොඳම සබඳතාවය වාර්තා කළහ. ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසාන තරගය පැවැත්වෙන්නේ 24 වැනිදා බංග්ලාදේශය සමඟය.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 20කදී කඩුලු 3ට 175යි – (හර්ෂිතා මාධවී නොදැවී 65, නිලක්ෂි ද සිල්වා නොදැවී 49, චමරි අතපත්තු 30, නික් නූර් අටෙයිලා 21/1යි)

මැලේෂියා කාන්තා කණ්ඩායම කඩුලු 7ට 82යි – (විනිෆ්‍රෙඩ් ඩුරායි සිං 42, නූර් නට්ශ්‍යා 10, සුගන්ධිකා කුමාරි 12/2, ඕෂදි රණසිංහ 14/2)

Recent Posts

ආසියා ශාන්තිකර කලාපීය විද්‍යුත් විකාශකයින්ගේ සංගමයේ මහා සමුළුවේ සමාරම්භක උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

කැපිටල් මහාරාජා සභාපති ශෂී රාජ මහේන්ද්‍රන් හා කැපිටල් මහාරාජා සමූහ අධ්‍යක්ෂ ෂෙවාන් ඩැනියෙල් සමඟ ජනපති…

16 hours ago

ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායකගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි

ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ වාමාංශික දේශපාලන ක්‍රියාකාරිකයෙකු සහ ජාතික ජන බලවේගයේ (NPP) විධායක සභික අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ…

16 hours ago

ප්‍රදේශ කිහිපයක අදත් හවසට වැස්ස

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00…

3 days ago

තුර්කි – ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත හමුවක්

ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…

3 days ago

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

4 days ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

4 days ago