Flag of United Kingdom, Great Britain blowing in the wind. Full page British flying flag. Union Jack flag. 3D illustration.
ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර සෞඛ්‍ය ආරක්ෂණ සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමක් පසුගියදා ( 18) විදේශ කටයුතු අමාත්‍යාංශයේදී අත්සන් තබන ලදී.
මේ යටතේ ශ්‍රී ලාංකික හෙද හෙදියන්ට සහ අනෙකුත් සෞඛ්‍ය සේවා වෘත්තිකයන් සඳහා එක්සත් රාජධානියේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිමය රැකියා අවස්ථා හිමිවේ.
ඒ සඳහා එක්සත් රාජධානිය පිළිගත් සුදුසුකම් ලබා තිබීම අත්‍යාවශ්‍ය වන අතර, IELTS ඉංග්‍රිසි භාෂා ප්‍රවීණතා විභාගය සමත්ව තිබීම අනිවාර්ය වේ.
මෙම අවබෝධතා ගිවිසුම සඳහා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් විදේශ රැකියා ප්‍රවර්ධන සහ වෙළෙඳපල විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය එස්.එච්. මුණසිංහ මහතා සහ එක්සත් රාජධානියේ රජය වෙනුවෙන් දකුණු ආසියාව, එක්සත් ජාතීන්ගේ සංවිධානය හා එක්සත් රාජධානියේ පොදු රාජ්‍ය මණ්ඩලය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය තරික් අහමඩ් සාමිවරයා අත්සන් තැබූහ.
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…