විශේෂාංග

‘බුකියෙන්’ මැරූ එඩ්වඩ් මාධ්‍යයට කතා කරයි

උපුටා ගැනීම – සරසවිය පුවත්පතෙන්

පසුගිය සතියේ දිනක අපේ ගායන ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු වන විශාරද එඩ්වඩ් ජයකොඩි සහ විශාරද චරිතා පි‍්‍රයදර්ශනී ගේ නිවෙස අසලට අහල පහළ අඳුනන කිහිප දෙනෙකු දිව ආහ. ඒ වන විට නිවෙස ඉදිරිපස කොටසේ සිටියේ චරිතා පමණි.

අනේ… අපේ සර්ට මොකද වුණේ?

ඔවුන් චරිතාගෙන් විමසුවේ දැඩි කලබලයකින් හා කනගාටුවකිනි. සමහරුන් දිව ආවේ දෑසේ කඳුළු ද පුරවා ගෙනය.

චරිතා උඩ බිම බැලුවාය. මොනවා ගැන ද මේ මිනිස්සු කියන්නේ කියා ඇයට එක පාරටම සිතා ගත නොහැකි විය. චරිතා ඔවුන් හමුවට ගොස් වැඩිදුර කරුණු විමසන්නට වූයේ ඒ වන විටත් එඩ්වඩ් සිය සංගීත පංතියේ දරුවන්ට උගන්වමින් සිටි නිසාය. ගේට්ටුව අසලට පැමිණෙමින් සිටි කිහිප දෙනෙකුගෙන් විස්තරය දැන ගන්නා තුරු චරිතාට ද ඉස්පාසුවක් නොවීය. ඇය ඔවුන්ගෙන් දැනගත් පරිදි ඒ මොහොත වන විට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචලිත වූ පෝස්ටුව වී තිබී ඇත්තේ කලාකරුවාණනී ඔබට නිවන් සැප ලැබේවා ! (ඔහුගේ ඡායාරූපය ද සමඟ) ඉන් කලබල වූ එඩ්වඩ් ගේ අසල්වැසියන් මෙසේ ඔවුන්ගේ නිවෙසට දිව ආවේ හඬා වැලපීගෙනය.

එහෙත් අපේ කතානායකයා නම්, ඒ වන විටත් නීරෝගී සුවයෙන් සිය ශිෂ්‍ය ශිෂ්‍යාවන් සමඟ සංගීත පුහුණු කටයුතුවල නියුක්තව සිටියේය. චරිතා සියල්ල සන්සුන් කොට නිවෙස තුළට ගිය ද ඇයට ඉස්පාසුවක් නොවූයේ නිවෙසේ දුරකථනයට මෙන්ම එඩ්වඩ් – චරිතා ගේ පවුලේ අයගේ දුරකථනවලට ද නිහඬතාවයක් ඉන් අනතුරුව නොවූ හෙයිනි.

කෙසේ වෙතත් නිවැරැදි තොරතුරු පිළිබඳ කිසිදු සොයා බැලීමකින් තොරව සමාජ මාධ්‍ය ඔස්සේ පළවන මෙවැනි ප්‍රවෘත්ති මඟින් පසුගිය කාලය පුරා අපහසුතාවයට පත්වූවන් බොහොමයකි. විශේෂයෙන් කලාකරුවෝ රාශියක් මේ තත්ත්වයට මුහුණ දුන්හ. පෙරදා විශාරද එඩ්වඩ් ජයකොඩි මුහුණ දුන් මේ තත්ත්වය පිළිබඳ කතා බහකට පසුගිය දිනක ඔහු අප සමඟ එක් විය.

‘පසුගිය දින කීපය පුරාම මගේ දුරකථනයට නොනවත්වා දුරකථන ඇමතුම් එන්න ගත්තා. මම දුරකථනයට පිළිතුරු දුන්නම ‘ආ… හරි… හරි…. කොහොමද…. සුබ නත්තලක් වේවා! සුබ අලුත් අවුරුද්දක් වේවා වගේ දේවල් කියනවා. නමුත් මට තේරෙනවා එතැන වෙන දෙයක් තියනව කියලා. බලනකොට වෙලා තියෙන්නේ මගේ ඡායාරූපයක් සමඟ ‘කලාකරුවාණෙනි, ඔබට නිවන් සුව‘ කියලා පෝස්ට් එකක් මුහුණු පොතේ හුවමාරු වෙලා. මම ඉතිං ඔය මුහුණු පොත පාවිච්චියක් නැති නිසා මට ඒක මගේ යාළුවෙක් පස්සේ එවලා තිබුණා.

මේකෙන් පස්සේ ගණන් කරන්න බැරි තරම් දුරකථන ඇමතුම් ආවා. මගේ අහල පහළ හිත මිතුරන් බලන්න ආවා. මේ මොහොත වන විට මම හිටියේ මගේ සංගීත පංතියේ. සංගීත පංතියේ ඉගෙන ගත්ත මගේ ශිෂ්‍යාවකටත් ඒ පෝස්ටුව ඇවිත් තිබුණා. ඇයට හොඳටම තරහ ගියා. ඒක දැකලා. මම නම් කිව්වා තරහ ගන්න එපා. සත්‍යය පැහැදිලි කරල දෙන්න කියලා.

ඇත්තටම කිවුවොත් ඔය අන්තර්ජාලය කියන එක දෙවිධියකට පාවිච්චි කරනවානේ. සමහරු ඒක යහපත් දේට පාවිච්චි කරනවා. සමහරු ඒක අයහපත් දේට පාවිච්චි කරනවා. හරියට පිහියක් වගේ.

මේ ජෝස්ටුව දාපු කෙනා ගේ කණ්ඩායම ගැනත් මට එහෙම හිතෙනවා. මට එහෙම තරහක්, ක්‍රෝධයක් ආවේ නෑ. මරණයට මම බය කෙනෙකුත් නොවෙයි. අපි හැමෝම කවද හරි දවසක මරණයට මූණ දෙන්න ඕන නේ. සමහර විට මේක මා ගැන ආදරයෙන් ඉන්න කෙනෙකුට ලැබුණු ආරංචියට ආදරයෙන් දැම්මා වෙන්නත් පුළුවන්. නැත්තම් ‘අනේ මූ මැරිච්ච එක හොඳයි’ කියල දැම්මා වෙන්නත් පුළුවන්. එහෙම දැම්මා නම් ඒ කෙනා ඒක දාලා සතුටු වෙනවනේ. ඉතිං ඒකටත් මං සතුටුුයි.

හුඟාක් අය ඉතිං මේ පෝස්ටරය ජීවතුන් අතර ඉන්නකොට දකින්නෙ නෑනේ. මම නම් ඒකත් දැක්කා. ඒකත් හොඳයි. මම කිසි දේකින් සැලෙන කෙනෙක්වත්, කේන්ති ගන්න කෙනෙක්වත් නොවෙයි. අවංකවම මට කේන්තියක් ආවේ නෑ. මම කට කොණකින් හිනාවක් ගියා විතරයි.

මට කොච්චර මිනිස්සු ආරෙයිද කියන එක නම් දැනුණා. මගේ පවුලේ කෙනෙකුගේ වත් දුරකථනයට නිවාඩුවක් තාමත් නෑ.තවමත් ඒ ගැන අහලා කෝල් එනවා. අපේ රටේ වගේම විදේශ රටවල ඉන්න මගේ හිතමිත්‍රාදීන් තවමත් මං ගැන හොයනවා.

මේක මට විතරක් නොවෙයි. මට වඩා ප්‍රවීණ, ආධුනික, තරුණ ජ්‍යෙෂ්ඨ බොහොමයක් දෙනාට සිදු වූ දෙයක්. මේ වගේ දේවල් කරද්දී හොයලා බලලා නිවැරැදි දේම කරනවා නම් තමයි වඩා හොඳ. අපි මැරෙන බව දන්නවා. මරණයට බයත් නෑ. ඒ හින්දා ඒ මරණය නිවී සැනසිල්ලේ වෙන්න දුන්නොත් හොඳයි. සියලු දෙනාගේ මේ ආදරයට මම මළත් ආදරෙයි. !

හේමාලි විජේරත්න

Recent Posts

අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් යැවූ සම්පූර්ණ පණිවිඩය

මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…

11 hours ago

නගර සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වීමට නියමිත “Life Cities” ව්‍යාපෘතිය අගමැති ප්‍රධානත්වයෙන් ජනගත කෙරේ

2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…

1 day ago

ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top Solar ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට මූලික සාකච්ඡා ඇරඹේ

මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…

1 day ago

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

3 days ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

3 days ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

5 days ago