දේශීය

පරිසර ඇමතිගෙන් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ මණ්ඩලයට රතු නිවේදනයක්

වැලි, කළුගල්, පස් කැණීම් හා ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම සඳහා මාර්ගගත ක්‍රමයක් (ONLINE) මාස තුනක් තුළ සකස් නොකළහොත් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ (GSMB) අධ්‍යක්ෂ මණ්ඩලය අනිවාර්යයෙන් විසුරුවා හරින බව පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා දැනුම් දී ඇත.

වැලි, කළුගල්, හා පස් කැනීම් සහ ප්‍රවාහණ බලපත් නිකුත් කිරීම සඳහා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් දැනට අනුගමනය කරන ක්‍රමවේදය අනුව මහජනතාවට ඒ සඳහාප්‍රධාන කාර්යාලයට මෙන්ම ප්‍රාදේශීය කාර්යාලවලට ද පැමිණීමට සිදුවී තිබෙන අතර මේ නිසා විශාල තදබදයක් එම කාර්යාවල දිනපතා පවති.

ජනතාවට නිකරුණේ රස්තියාදුවීමට සිදු වීම මෙන්ම බලපත් ලබා දීමේ දී ප්‍රමාදයක් හා දූෂණ හා අක්‍රමිකතා ද සිදුවන බව අනාවරණය වී ඇත.

මේ නිසා පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා අවස්ථා කිහිපයක දී ඊට විකල්පයක් ලෙස මාර්ගගත ONLINE ක්‍රමයක් සකස් කරන ලෙස GSMB ආයතනයට දැනුම් දුන්න ද මේ වනතෙක් එම කටයුතු සිදු කර නැතැයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ මණ්ඩලය ඇමැතිවරයා විසින් අද දින (06) කැඳ වූ අවස්ථාවේදී අනාවරණය විය.

දිනමිණ වාර්තාවකි

Recent Posts

අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් යැවූ සම්පූර්ණ පණිවිඩය

මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…

1 day ago

නගර සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වීමට නියමිත “Life Cities” ව්‍යාපෘතිය අගමැති ප්‍රධානත්වයෙන් ජනගත කෙරේ

2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…

2 days ago

ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top Solar ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට මූලික සාකච්ඡා ඇරඹේ

මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…

2 days ago

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

4 days ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

4 days ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

6 days ago