දේශීය

ජනාධිපතිවරයා සිදු කරන මූලාසන කතාවට කල් තැබීමේ විවාදයක් ඉල්ලයි

එළඹෙන 18 වනදා නව සභාවාරය ආරම්භ කිරීමෙන් පසු ජනාධිපතිවරයා සිදු කරන මූලාසන කතාව සම්බන්ධයෙන් සභාව කල් තබන අවස්ථාවේ විවාදයක් පවත් වන ලෙස සමගි ජන බලවේගය ඉල්ලා සිටිනවා. එසේ ම එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ ද මූලාසන කතාව සම්බන්ධයෙන් සභාව කල් තබන අවස්ථාවේ විවාදයක් ඉල්ලා සිටිනවා . ඒ සම්බන්ධයෙන් ලිපි දෙකක් කතානායක මහින්ද යාපා අබේවර්ධන සහ සභානායක දිනේශ් ගුණවර්ධන වෙත රනිල් වික්‍රමසිංහ මන්ත්‍රීවරයා විසින් යොමුකොට තිබෙනවා .
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (අ) වගන්තිය යටතේ එම කල්තැබීමේ විවාදය ලබාදීමට කටයුතු කරන ලෙසත් ඒ සඳහා සුදුසු දිනයක් ලෙස ජනවාරි 19, 20, හෝ 21 යන දිනයන් නම් කරන ලෙසත් වික්‍රමසිංහ මහතා සිය ලිපි මගින් සඳහන් කර තිබෙනවා

Recent Posts

නන්දා මාලිනිය නිහඬ කළ හඬ | රටක් ශෝක වන දින තුනක්

ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…

6 days ago

ගොවියා සවි බල ගන්වන. සිලෝන් ග්‍රින් ලයිෆ් ප්ලාන්ටේෂන් “ජාතික ගොවි පවුර” ව්‍යාපෘතිය මොනරාගලින් අරඹයි

ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…

6 days ago

රටේ තීරණාත්මක සිද්ධියක් යන වෙලාවේ ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් කැපී පෙනෙන ලිපියක්..!

උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…

1 week ago

පනත් කෙටුම්පත් දෙකකට කථානායකගේ සහතිකය

සත්ව (සංශෝධන) සහ පාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) යන පනත් කෙටුම්පත් සඳහා ගරු…

1 week ago

අසත්‍ය LTTE පුහුණු කඳවුරු තොරතුරු සමාජ මාධ්‍යට මුදාහළ පුද්ගලයෙකු අත්අඩංගුවට

සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පටයක් හා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් තහවුරු නොවූ අසත්‍ය කරුණු ප්‍රචාරය කළ…

1 week ago