මේ වසරේ ගෙවුණු කාලය තුළ විදෙස් සංචාරකයන් 174,930 දෙනකු ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
මේ මාසයේ දින 26ක කාලයේදී පමණක් ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා විදෙස් සංචාරකයන් 69,941 දෙනකු පැමිණ තිබෙන අතර ඊට අමතරව පසුගිය නොවැම්බර් මාසයේදී 44,294 දෙනකු සහ ඔක්තෝබර් මාසයේදී 22,771 දෙනකු මෙරටට පැමිණ ඇත.
පසුගිය දින 26ක කාලයේදී ඉන්දියාව, රුසියාව, එක්සත් රාජධානිය, ජර්මනිය, ඔස්ට්‍රේලියාව, අමෙරිකාව, ප්‍රංසය, මාලදිවයින, යුක්රේනය හා කසකස්ථානය යන රටවලින් වැඩි වශයෙන් සංචාරකයන් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.
සීත ඍතුව ඉලක්ක කර ගනිමින් සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය රුසියාව, එක්සත් රාජධානිය, ජර්මනිය, ප්‍රංසය සහ යුක්රේනය ආශ්‍රිතව සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් සංවිධානය කර තිබෙන අතර පසුගිය දින 26 තුළ මෙරටට පැමිණි සංචාරකයන්ගෙන් වැඩි පිරිසක් මේ රටවලින් පැමිණි තිබීම විශේෂත්වයකි.
ඒ අනුව රුසියානු සමූහාණ්ඩුවෙන් සංචාරකයන් 7,951 දෙනෙකු පැමිණ තිබෙන අතර එක්සත් රාජධානියෙන් පැමිණ ඇති සංඛ්‍යාව 6,819කි.
ජර්මනියෙන් සංචාරකයන් 4,131ක් මෙරටට පැමිණ තිබෙන අතර ප්‍රංසයෙන් සංචාරකයන් 2,313ක් ද පසුගිය දින 26 තුළ මෙරටට පැමිණ ඇත. යුක්රේනයෙන් සංචාරකයන් 2,054 දෙනකු පැමිණ ඇතැයි ද ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය කියයි.
වාර්තාව -දිනමිණ
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…
ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…
මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…