විශේෂාංග

මෙරටට සුනාමිය කඩාවැදී දාහත් වසරයි..

⋆ ශ‍්‍රී ලංකාවේ මියගිය සංඛ්‍යාව 31225
⋆ අතුරුදන් සංඛ්‍යාව 4098
⋆ ලොව පුරා මියගිය සංඛ්‍යාව 2,25000යි
ඉන්දුනීසියාව අසල පෘථිවිය තල හා ඉන්දීය කලාපයේ තල එකිනෙක ගැටීමෙන් සිදු වූ මෙම භූචලනය ගැන ඇමෙරිකානු භූ චලන ආයතනය අනතුරු අඟවා තිබුණත් ඉන්දුනීසියානු සාගරයේ පිහිටි රටවල් රැසක් සඳහා අනතුර ගැන දැන්වීමට නොහැකි විය. මේ භූචලනය විනාඩි 8 ත් 10ත් අතර පැවැති බව වාර්තා විය.එසේම ඉන් ඇති වූ සුනාමියේ බලය ඇමෙරිකාව විසින් හිරෝෂිමාවට දැමූ පරමාණු බෝම්බය මෙන් 1808 වරක් බලසම්පන්න බව සාගර විද්‍යාඥයෝ හෙළි කළහ.අංක 50 දරන ගාලූ කුමාරි දුම්රිය අතරමඟ නතර කර ගැනීමට නොහැකි වූයේ නිසි පණිවුඩ පද්ධතියක් ක‍්‍රියාත්මක නොවීමය.මෙම දුම්රිය අම්බලන්ගොඩ දුම්රිය ස්ථානයේ නතර කර ගැනීම සඳහා දුම්රිය ස්ථානාධිපති දුරකථනය අමතනු ලැබූවත් ඒ වනවිට ඔහු දුම්රියෙන් ගෙන ආ කිරි හට්ටි ගණන් කිරීමේ යෙදී සිටි බව වාර්තා විය.සුනාමිය දකුණු දිග දුම්රිය මාර්ගයේ සැතපුම් 50ක කොටස් මුළුමනින්ම විනාශ කර තිබූ බවද හෙළි විය.
මේ සිද්ධිය මෙරට දුම්රිය ඉතිහාසයේ සිදු වූ බිහිසුණුම සිද්ධියයි. සැතපුම් දහස් ගණනක් දුර සිට සැතපුම් 500ක වේගයෙන් පැමිණි සුනාමියට දුම්රියක් විනාශ කිරීමට හැකිවේ යැයි කිසිවකුත් නොසිතූහ. ඉතිහාසයේ දුම්රියක් හා සම්බන්ධව සිදුවූ වැඩිම මරණ සංඛ්‍යාව සහිත, සිදුවීම ලෙසද හැඳින්වෙයි. කොළඹ සිට මාතර දක්වා වූ නියමිත දුම්රිය ගමන් මග අතරතුර හමුවන, තෙල්වත්ත නැවතුම ආසන්නයේ පිහිටි පෑරලිය ග්‍රාමයේ ධාවනය වෙමින් පැවැති දුම්රිය වෙත සුනාමි රළ ගැටීම නිසා මෙම අනතුර සිදුවිය. අනතුර නිසා පුද්ගලයන් 1,700 කට වඩා වැඩි පිරිසක් මිය ගිය අතර එම ප්‍රමාණය, ඊට පෙර දුම්රිය ඉතිහාසයේ වාර්ථා වී තුබූ වැඩිම මරණ සංඛ්‍යාව සහිත, 1981 වසරේ සිදුවූ බිහාර් දුම්රිය අනතුරේ මරණ සංඛ්‍යාව මෙන් දෙගුණයකටත් වඩා වැඩි ප්‍රමාණයකි.කොළඹ දුම්රිය නැවතුම්පළින් පිටත් වූ දුම්රිය, උදෑසන 9:30 පමණ වන විට තෙල්වත්ත අසල, පෑරලිය ග්‍රාමය ඔස්සේ ධාවනය වෙමින් පැවැතිණි. එම අවස්ථාව වන විට ගලා ආ පළමු සුනාමි රළ, වෙරළ තීරය යටකරමින් ගොඩ බිම දෙසට ගලා වුත් දුම්රිය හාත්පසද වට කර ගැනීම නිසා, දුම්රිය ධාවනය නතර කරන ලදී. මුහුදු රළ ගැටුනද දුම්රිය, පීලි මත නිරුපද්‍රිතව පවතීවි යැයි එහි සිටි සිය ගණනක් වූ මගීන් බලාපොරොත්තු වූවත්, ඊළඟ මොහොතේ පැමිණි විශාල සුනාමි රළ, දුම්රිය මැදිරි සහ අවට තිබූ ගස්කොලන්, නිවාස ආදියටද දැඩි හානි සිදුකරමින් රට තුලට ගලා යන ලදී. සුනාමි රළ පහර හේතුවෙන් ජලයෙන් පිරී ගොස් තිබූ දුම්රිය මැදිරි අටක සිටි පිරිස ඒ තුළම ගිලී මිය ගිය අතර, සමහරක් දෙනා ජල පහරේ ගසා ගෙන ආ සුන්බුන් වල ගැටීම නිසා මිය ගියහ. දැඩි රළ පහර නිසා ගැලවී ගිය සමහර දුම්රිය පෙට්ටි උඩුයටිකුරු වෙමින් ජල පහර සමග රට තුලට ගසා ගෙන ගිය අතර, දුම්රිය මාර්ගයටද රළ පහර නිසා දැඩි ලෙස හානි සිදුවී තිබුණි. මේ අවස්ථාවෙහි දුම්රියේ ගැටී තිබුණු සුනාමි රළ පහර, සාමාන්‍ය මුහුදු මට්ටමේ සිට මීටර 7.5 – 9 ත් පමණ උස් වූ රළ පහරක් බව පැවසෙයි.
මෙම බලගතු සුනාමියෙන් මෙරට 30,000කට අධික ජනකායක් මරුමුවට පත් වූහ. දකුණු මුහුදු තිරය විසාළා මහනුවරක් වූ අතර නැගෙනහිර අම්පාර ප‍්‍රදේශයේ පමණක් 10,000කට අධික පිරිසක් මියගිය බව වාර්තාවේ. 225000කට වැඩි පිරිසක් මරුමුවට පත් කරමින් සිදුවූ සුනාමි ව්‍යසනය නොපෙනුන පැත්තත් වසර කීපයකට පසු හෙළි විය. ඒ සාගර පත්ලේ සිදු කරන න්‍යෂ්ටික බෝම්බ අන්හදා බැලීමේ ක‍්‍රියාදාමයයි. පෘථිවි තල එකිනෙක සම්බන්ධ වීමට බලපා ඇත්තේ මෙම න්‍යෂ්ටික පිපිරීම් යැයි විද්‍යාඥයන් පිරිසක් ප‍්‍රකාශ කර ඇත.
මෙම සුනාමි විපතේදී මියගිය සියලූ ශී‍්‍ර ලාංකික වැසියන් (දූ දරුවන් ඇතුළු සැමදෙනා) අපි සිහිපත් කරන්නෙමු.

සටහන : කේ.ජී.ආර් කුමාර

Recent Posts

Organized Criminal Network Behind Mahara Prison Incident – Minister Dr. Susil Ranasinghe

Recent incidents at the Mahara and Negombo Prisons were not isolated or spontaneous events but…

13 hours ago

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට පෙර ඒ සම්බන්ධ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වැළැක්වීමට අවශ්‍ය…

2 days ago

ඇමැති ධුරයේ වසර 2ට මර්වින්ට මිලියන 600ක වත්කම් – ස්ථාවර තැන්පතු 10ක කෝටි 18ක්

චන්දන ජයවීර හිටපු ඇමැති මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවරා…

3 days ago

විපක්ෂ නායක US නියෝජිත මන්ත්‍රී මණ්ඩල දූත පිරිසක් කොළඹදී හමුවෙයි!

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සාමාජික, එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජික…

3 days ago

සජිත් හා චීන තානා­පති අතර හමු­වක්

විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා හා ශ්‍රී ලංකාවේ චීන මහ­ජන සමූ­හා­ණ්ඩුවේ තානා­පති චී ෂෙන්හොං (Qi…

4 days ago