අදායම උපයා ගැනීමේ අපේක්ෂාවෙන් අසාධාරණ ලෙස භාණ්ඩ රැසකට වැට් බද්ද පනවා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.
ඒ අනුව දරුවන්ට ලබා දෙන පෝෂ්‍යදායී ආහාර, වෛද්‍ය උපකරණ, පොහොර, ඩීසල් ආදී බොහෝ දෑ වැට් බද්දට ඇතුළත් කර ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.
සුව සැරිය වැනි ගිලන්රථ සේවයන් ද වැට් බද්ද ඇතුළත් කිරීමට සැරසෙන බව හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.


