ව්‍යාජ පීසීආර් වාර්තා මුදලට අලෙවි කරන පුද්ගලයන් තිදෙනකු කොච්චිකඩේ පොලිස් වසමේ කොච්චිකඩේ, පෝරතොට ප්‍රදේශයේදී කරන ලද වැටලීමකදී විශේෂ කාර්ය බළකා නිලධාරීන් පිරිසක් විසින් පෙරේදා (23) අත්අඩංගුවට ගෙන තිබේ.
පරිගණක යන්ත්‍රයක්, ජංගම දුරකතන 5ක් ව්‍යාජ පීසීආර් වාර්තා 17ක් සැකකරුවන් සන්තකයේ තිබී සොයාගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් කොච්චිකඩේ සහ රත්දොළුගම ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 21ත් 37ත් අතර පුද්ගලයන් තිදෙනකු බව පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩි දුර විමර්ශන සඳහා රත්දොළුව පොලිස් ස්ථානය වෙත භාර දී ඇති අතර, ඔවුන් මේ ව්‍යාජ පීසීඅර් ලේඛන කවුරුන් වෙත නිකුත් කළේ ද, කොපමණ මුදලකට ද මේ සඳහා තවත් පුද්ගලයන් එක්ව ඇති ද යන්න ගැන රත්දොළුව පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ. විශේෂ කාර්ය බළකාය අණ දෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ ඍජු අධීක්ෂණය යටතේ බස්නාහිර පළාත් උතුර කලාපය භාරව කටයුතු කරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පී.ජේ. සිල්වෙස්ටර් විජේසිංහ මහතාට ගුවන් හමුදා බුද්ධි ඒකකයෙන් ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බළකාය ගෝනහේන කඳවුරේ පොලිස් පරීක්ෂක එච්.එම්.වී.ජී.ටී. බණ්ඩාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මේ වැටලීම කර තිබේ.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…