Sunday, April 19, 2026
Homeදේශීයහොර PCR වාර්තා විකිණූ තිදෙනෙක් අත්අඩංගුවට

හොර PCR වාර්තා විකිණූ තිදෙනෙක් අත්අඩංගුවට

ව්‍යාජ පීසීආර් වාර්තා මුදලට අලෙවි කරන පුද්ගලයන් තිදෙනකු කොච්චිකඩේ පොලිස් වසමේ කොච්චිකඩේ, පෝරතොට ප්‍රදේශයේදී කරන ලද වැටලීමකදී විශේෂ කාර්ය බළකා නිලධාරීන් පිරිසක් විසින් පෙරේදා (23) අත්අඩංගුවට ගෙන තිබේ.

පරිගණක යන්ත්‍රයක්, ජංගම දුරකතන 5ක් ව්‍යාජ පීසීආර් වාර්තා 17ක් සැකකරුවන් සන්තකයේ තිබී සොයාගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් කොච්චිකඩේ සහ රත්දොළුගම ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 21ත් 37ත් අතර පුද්ගලයන් තිදෙනකු බව පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩි දුර විමර්ශන සඳහා රත්දොළුව පොලිස් ස්ථානය වෙත භාර දී ඇති අතර, ඔවුන් මේ ව්‍යාජ පීසීඅර් ලේඛන කවුරුන් වෙත නිකුත් කළේ ද, කොපමණ මුදලකට ද මේ සඳහා තවත් පුද්ගලයන් එක්ව ඇති ද යන්න ගැන රත්දොළුව පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ. විශේෂ කාර්ය බළකාය අණ දෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ ඍජු අධීක්ෂණය යටතේ බස්නාහිර පළාත් උතුර කලාපය භාරව කටයුතු කරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පී.ජේ. සිල්වෙස්ටර් විජේසිංහ මහතාට ගුවන් හමුදා බුද්ධි ඒකකයෙන් ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බළකාය ගෝනහේන කඳවුරේ පොලිස් පරීක්ෂක එච්.එම්.වී.ජී.ටී. බණ්ඩාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මේ වැටලීම කර තිබේ.

READ:   BREAKING: තරුෂි කරුණාරත්න මීටර් 800 රන් පදක්කම දිනා ගනී..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්