Tuesday, June 9, 2026
Homeදේශීයශ්‍රී ලාංකික හිමිනමක් පළමුවරට දකුණු කොරියාවේ ගෞරවනීය පුරවැසිභාවයෙන් පිදුම් ලබයි

ශ්‍රී ලාංකික හිමිනමක් පළමුවරට දකුණු කොරියාවේ ගෞරවනීය පුරවැසිභාවයෙන් පිදුම් ලබයි

දකුණු කොරියාවේ ප්‍රධාන සංඝනායක හා දේගු ලංකාරාම අපේ පංසලේ විහාරාධිපති කටුවන විජිත වංස හිමියන් දකුණු කොරියාවේ ගෞරවනීය පුරවැසිභාවයෙන් පිදුම් ලබයි. දකුණු කොරියාව, විදෙස් ජාතික ස්වාමින්වහන්සේ නමකට පුරවැසිභාවය පිරි නැමු පළමු අවස්ථාව මෙයවේ.

කටුවන විජිත වංස හිමියන්ට දකුණු කොරියාවේ දේගු හි දල්සෝ ගු නගරයේ (DEAGU DALSEO-GU) ගෞරවනීය පුරවැසිභාවය ලබා දීමේ උත්සවය පසුගියදා එම නගරයේදී පැවැත්වුණි. ඒ එහි නගරාධිපති ලී තේ හූන් LEE TAE-HOON මහතාගේ ප්‍රධානත්වයෙනි. දේගු හි දල්සෝ ගු නගරය ගෞරවනීය විදෙස් පුරවැසියන් තෝරා පත්කරගත් පළමු අවස්ථාව මෙයවේ.

දකුණු කොරියාවේ ශ්‍රී ලංකාරාම අපේ පංසලේ විහාරාධිපති දකුණු කොරියාවේ සංඝ නායක හා මොරටුව වාලුකාරාම මහ විහරයේ විහාරාධිකාරී ශාස්ත්‍රපති පූජ්‍ය කටුවන විජිත වංශ නායක ස්වාමින්වහන්සේ සිදු කරනු ලබන සුවිසේෂි ශාසනික හා අනෙකුත් කාර්ය බාරය ඇගයීම ගෞරවනීය පුරවැසි බාවය ලබාදීමේ මුලික හේතුවයි.

වසර 15 ක දීර්ඝ කාලයක් දකුණු කොරියාවේ ජිවත් වෙමින් බුදුදහම ව්‍යප්‍ත කිරීම මෙන්ම දකුණු කොරියාව හා ශ්‍රී ලංකාව අතර සමීප සුහද සීලි සබදතාවක් පවත්වාගැනීම සදහා කටුවන විජිත වනසා හිමියන් සුවිශේෂි කාර්ය බාරයක් සිදු කරනු ලබයි. ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට දකුණු කොරියාවේ රැකියා අවස්ථා වැඩි වශයෙන් ලබාගැනීම හා ඔවූන්ගේ සුබසාධනය වෙනුවෙන් ද නායක හිමියන් ඝෘජු මැදිහත් වීමක් සිදු කර තිබේ. එමෙන්ම දකුණු කොරියාවේ අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකික සිසුන් පිළිබදවද අවධානය යොමු කර ඇති උන් වහන්සේ සිදු කරනු ලබන සේවය සුවිශේෂිවේ.

මෙම අවස්ථාවට දකුණු කොරියාවේ ශ්‍රී ලංකාරාම අපේ පංසලේ විහාරාධිකාරී රාජ්‍ය කිය පණ්ඩිත මැදබැද්ද පියනන්ද ස්වාමීන් වහන්සේ ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වුහ.

උපුටා ගැනීම – දිනමිණ පුවත්පතෙන්

READ:   බෙල්වුඩ් නිකේතනය කඩා දමා මූල්‍ය වංචා කළ හිටපු ලොක්කන්ට ඇමති තදින්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්