ලොව සුපතල ඇපල් සමාගමේ (Apple) නිර්මාතෲ හිටපු ප්‍රධාන විධායක නිලධාරී ස්ටීව් ජොබ්ස් ( Steve Jobs) ගේ නායකත්වය ගැන ගූගල් (Google) ඉංජිනේරු අංශයේ උපසභාපති (VP engineering of Google) වික් ගුන්දෝත්‍රා (Vic Gundotra) තැබූ සටහනක්:
(වික් එම සටහන පළ කරනු ලැබුවේ 2011 අගෝස්තු මාසයේදී ස්ටීව් ජොබ්ස් රෝහල් ගතව සිටියදීය. ඉන් සති 6 කට පසු ස්ටීව් මිය ගියේය. ඔහුගේ මෙම සුවිශේෂි නායකත්ව ගුණාංග වලින් ලද පන්නරය අදටත් ඇපල් සමාගම ලොව වඩාත්ම ලාභ ලබන සමාගමක් ලෙස ඉහළ සාර්තකත්වයක් අත්පත්කර ගැනීමට හේතුවූ බව නොරහසකි.)
”2008 ජනවාරි 6 වැනි ඉරිදා උදෑසන මම ආගමික වතාවත්වලට සහභාගි වෙමින් සිටියදී මගේ ජංගම දුරකථනය නාද (Vibrate) විය.
හැකිතාක් සුපරික්ෂාකාරීව, දුරකථනය පරීක්‍ෂා කළද, දුරකතනයේ ඇමතුම ගත් පුද්ගලයාගේ නම සටහන්ව නොතිබුණි.( “Caller ID unknown”). එනිසා එම ඇමතුම නොසලකා
හැරීමට මම තීරණය කළෙමි”
”ආගමික වතාවත් අවසන් වූ පසු, මම මගේ පවුලේ අය සමඟ මගේ මෝටර් රථය වෙත ගමන් කරන අතර, ජංගම දුරකථන කෙටි පණිවිඩ (SMS) පරීක්ෂා කළෙමි. ස්ටීව් ජොබ්ස්ගෙන් කෙටි පණිවිඩයක් එහි තිබිණි.
“වික්, ඔබට මගේ ගෙදර අංකයට කතා කරන්න පුළුවන්ද? මට හදිසි දෙයක් ඔබත් සමග සාකච්ඡා කරන්න තියෙනවා” යනුවෙන් එහි සඳහන් විය.
මම මාගේ මෝටර් රථයට ළඟා වීමටත් පෙර ස්ටීව් ජොබ්ස් වෙත ආපසු ඇමතුමක් ලබා දුන්නෙමි”
මාගේ රැකියාව අනුව ගූගල් හි (Google) සියලුම ජංගම යෙදුම් (mobile
applications)සඳහා මා වගකිව යුතු අතර, එම භූමිකාව තුළ ස්ටීව් සමඟ නිරන්තර කටයුතු කිරීමට සිදු විය. එය රැකියාවේ එක් වරප්‍රසාදයක් විය.
“ඒයි ස්ටීව් – මේ වික්, මට සමාවෙන්න, මම ආගමික කටයුත්තක යෙදී සිටි නිසා, මට ඔබේ ඇමතුමට කලින් පිළිතුරු දෙන්න බැරි උනා. ඔබේ අංකය සටහන්ව තිබුණෙ නැති නිසා මම ඇමතුමට පිළිතුරු දුන්නේ නැහැ”.
“වික්, ආගමික වතාවත් අතර තුර දෙවියන්ගෙන් දුරකතන ඇමතුමක් ලැබුනොත් මිසක් ඔබ කිසිවිටකත් පිළිතුරු දෙන්නේ නැහැ”, කියමින් ස්ටීව් සිනාසුණි.
මම චකිතයෙන් සිනාසුනෙමි. සාමාන්‍යයෙන් කුමක් හෝ කාරණාවකට සෑහීමකට පත් නොවන්නේ නම්, සතිය පුරාවට දුරකතන ඇමතුම් ලබා දෙමින් ඒ පිලිබඳ කටයුතු කිරීම ඔහුගේ පුරුද්දක් විය.
නමුත් ඉරිදා දිනක දුරකතන ඇමතුමක් ලබා දී, ඔහුගේ ගෙදර දුරකතනයට ඇමතුමක් ලබා දීමට පැවසීම තරමක් අසාමාන්‍ය සිදුවීමක් නිසා එතරම් වැදගත් කාරණාව කුමක්ද යන්න මම කල්පනා කළෙමි.
“ඉතින් වික්, අපට හදිසි ප්‍රශ්නයක් තියෙනවා, මට ඉක්මනින්ම විසඳ ගන්න ඕන ප්‍රශ්නයක්. මම දැනටමත් ඔයාට උදව් කරන්න මගේ කණ්ඩායමෙන් කෙනෙකු පත් කරල තියෙනවා. හෙට ඔයාට මේක නිවැරදි කරන්න පුලුවන් වෙයි කියල මම හිතනවා.” ස්ටීව් පැවසීය.
“මම iPhone එකේ Google App ලාංඡනය දෙස බලාගෙන සිටිය. මම ඒ අයිකන් (Icon) එක ගෙන එච්චර සතුටු නැහැ. Google හි දෙවන O අකුරෙ කහ පාට (yellow gradient) නිවැරදිව පේන්නෙ නැහැ. එක වැරදියි. මම හෙට ග්‍රෙග්ව එය නිවැරදි කරන්න යොදවන්නම්. ඒකට කමක් නැද්ද?”
ඇත්තෙන්ම එය මට ප්‍රශ්නයක් නොවීනි.
”මිනිත්තු කිහිපයකට පසු එම ඉරිදා මට ස්ටීව්ගෙන් ඊමේල් (e-mail) පණිවිඩයක් ලැබුණු අතර එය “අයිකන ගිලන් රථය” (“Icon Ambulance”) ලෙස නම් කර (Subject) කර තිබිණි. අයිකනය නිවැරදි කිරීමට ග්‍රෙග් ක්‍රිස්ටි (Greg Christie) සමග එක්ව වැඩකරන ලෙස ඔහු මා යොමු කර තිබුණි.
මා වයස අවුරුදු 11 සිට Apple II පරිගණකයට ආදරය කළ නිසා, Apple නිෂ්පාදන පිළිබඳ කථා දුසිම් ගණනක් කිව හැක. දශක ගණනාවක් පුරාවට ඔවුන් මගේ ජීවිතයේ කොටසක් වී
ඇත.
මම මයික්‍රොසොෆ්ට් (Microsoft) හි බිල් ගේට්ස් (Bill Gates) වෙනුවෙන් වසර 15 ක් සේවය කරන විට පවා, මට ස්ටීව් සහ ඇපල් (Apple) නිෂ්පාදනයන් ගැන විශාල පැහැදීමක් තිබුණි.
නමුත් අවසානයේදී, නායකත්වය, ආශාව සහ සවිස්තරාත්මකව අවධානය යොමු කිරීම ගැන සිතන විට, ජනවාරි මාසයේ ඉරිදා උදෑසන ස්ටීව් ජොබ්ස්ගෙන් ලැබුණු ඇමතුම ගැන මම නැවත සිතමි. එය මට කිසිදා අමතක නොවන පාඩමක් විය.”
”ප්‍රධාන විධායක නිලධාරීන් ඉතා සුළු දෙයක් ගැන පවා සැලකිලිමත් විය යුතුය. එය කහ වර්ණයේ අඩුපාඩුවක් උවද, ඉරිදා දිනයක් උවද…
ස්ටීව්, ඔබ මට හමු වූ ශ්‍රේෂ්ඨතම නායකයෙක්. මගේ ආශිර්වාදය සහ බලාපොරොත්තු ඔබ සමඟයි”
-වික්
(අගෝස්තු 2011)
දිනේෂ් අබේවික්‍රම ( Ph.D.(Reading), MBCS, MBA, BCS ) විසින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර තිබූ සටහනකි.




