දේශීය

මිනිසා දෙවියන් හා සහෝදරයන්ගෙන් ඈත් වී වහල්භාවයට ගමන් කරමින් සිටිනවා – කාදිනල් හිමිපාණෝ

අන් අයව පහතට හෙළමින් විවිධ අරමුණු වෙනුවෙන් ඉහළට යාම සියලූම ආගමික ශාස්තෘවරුන් ප්‍රතික්ෂේප කළ මාර්ගයක් බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

දෙවියන් වහන්සේ මනුෂ්‍යයෙක් වී මිනිසුන් අතර ඉපදෙන විට මනුෂ්‍යයා දෙවියන්ගෙන් සහ සහෝදරයන්ගෙන් ඈත් වී ක්‍රමක්‍රමයෙන් වහල්භාවයට ගමන් කරමින් ඇති බවයි කාදිනල් හිමියන් පෙන්වා දෙනවා.

තවත් කෙනෙකුව යට කර ඉදිරියට යාම වර්ථමානයේ මිනිසුන් දියුණුව ලෙස සිතන බව උන්වහන්සේ සඳහන් කරනු ලැබුවා.

අගරදගුරු කාදිනල් හිමිපාණන් තේවත්ත ලංකා අප ස්වාමිදූගේ ජාතික බැසිලිකාවේ දී නත්තල් මධ්‍යම රාත්‍රී දිව්‍ය පූජාවේ දේශනයේදී මේ බව අවධාරණ කළා.

පාපය සහ ආත්මාර්ථය මනුෂ්‍යාගේ ජීවිතය පහත හෙළමින් අපහසුතාවට පත්කරමින් සිරකරුවකු කරන බව ජේසු තුමා තම ජීවිතය තුළ පෙන්වාදී තිබෙන බව කාදිනල් හිමිපාණෝ මෙහිදී යළි මතක් කර දුන්නා

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

19 hours ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

2 days ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

3 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

3 days ago