Thursday, June 11, 2026
Homeදේශීයමිනිසා දෙවියන් හා සහෝදරයන්ගෙන් ඈත් වී වහල්භාවයට ගමන් කරමින් සිටිනවා –...

මිනිසා දෙවියන් හා සහෝදරයන්ගෙන් ඈත් වී වහල්භාවයට ගමන් කරමින් සිටිනවා – කාදිනල් හිමිපාණෝ

අන් අයව පහතට හෙළමින් විවිධ අරමුණු වෙනුවෙන් ඉහළට යාම සියලූම ආගමික ශාස්තෘවරුන් ප්‍රතික්ෂේප කළ මාර්ගයක් බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

දෙවියන් වහන්සේ මනුෂ්‍යයෙක් වී මිනිසුන් අතර ඉපදෙන විට මනුෂ්‍යයා දෙවියන්ගෙන් සහ සහෝදරයන්ගෙන් ඈත් වී ක්‍රමක්‍රමයෙන් වහල්භාවයට ගමන් කරමින් ඇති බවයි කාදිනල් හිමියන් පෙන්වා දෙනවා.

තවත් කෙනෙකුව යට කර ඉදිරියට යාම වර්ථමානයේ මිනිසුන් දියුණුව ලෙස සිතන බව උන්වහන්සේ සඳහන් කරනු ලැබුවා.

අගරදගුරු කාදිනල් හිමිපාණන් තේවත්ත ලංකා අප ස්වාමිදූගේ ජාතික බැසිලිකාවේ දී නත්තල් මධ්‍යම රාත්‍රී දිව්‍ය පූජාවේ දේශනයේදී මේ බව අවධාරණ කළා.

පාපය සහ ආත්මාර්ථය මනුෂ්‍යාගේ ජීවිතය පහත හෙළමින් අපහසුතාවට පත්කරමින් සිරකරුවකු කරන බව ජේසු තුමා තම ජීවිතය තුළ පෙන්වාදී තිබෙන බව කාදිනල් හිමිපාණෝ මෙහිදී යළි මතක් කර දුන්නා

READ:   අනුර කුමාර අද කේරල ප්‍රාන්තයේ විශේෂ හමුවකට.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්