Wednesday, April 22, 2026
Homeදේශීයජනපති පදවිප්‍රාප්තියට වසරයි

ජනපති පදවිප්‍රාප්තියට වසරයි

ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට හත්වැනි විධායක ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම්දී අදට (18) වසරක් සපිරෙයි.

2019 නොවැම්බර් මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා වශයෙන් තරග කළ ගෝඨාභය රාජපක්ෂ මහතා ඡන්ද 6,924,255ක් ලබමින් ජයග්‍රහණය කළේය.

රාජපක්ෂ මහතා ඵෙතිහාසික අනුරාධපුරයේ රුවන්වැලි මහා සෑ මළුවේදී විධායක ජනාධිපති ධුරයේ දිවුරුම් දුන්නේ මීට වසරකට පෙර එනම් 2019 නොවැම්බර් මස 18දිනය.  කෙසේ වුවද අද වනවිට රටේ පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය සැලකිල්ලට ගෙන සැමරුම් උත්සව කිසිවක් නොපැවැත්වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී තිබෙන අතර රටේ පවතින තත්ත්වය සහ ඒ සම්බන්ධයෙන් රජයේ ඉදිරි ක්‍රියාමාර්ග ආදිය සම්බන්ධයෙන් රටවැසියන් දැනුවත් කිරීම සඳහා අද රාත්‍රියේ ජාතිය ඇමතීමට නියමිතයි.
Source: Dinamina

READ:   ගෝඨා ගේ කුමන්ත්‍රණේ පොත දවස් තුනෙක් ඔක්කොම විකිණිලාලු
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්