දේශීය

වෛද්‍ය සේවයේ ගැටලු සොයන්නත් කමිටුවක්

වෛද්‍ය සේවයේ පවතින ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීමට සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරුවරයකුගේ සභාපතීත්වයෙන් යුතු කමිටුවක් පත් කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබේ. විශේෂඥ වෛද්‍යවරුන්ගේ වාර්ෂික ස්ථාන මාරු ලැයිස්තුව කඩිනමින් ප්‍රකාශයට පත් කිරීමට ද සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.

එමෙන්ම විශේෂඥ ශ්‍රේණියේ වෛද්‍ය නිලධාරින්ගේ වාර්ෂික ස්ථාන මාරු සම්බන්ධයෙන් තීරණයට එළැඹීමට සියලු පාර්ශ්ව සමඟ තවත් සාකච්ඡාවක් පැවැත්වීමට ද සෞඛ්‍ය ඇමැතිවරයා තීරණය කර තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා මේ බව වැඩවර්ජනයේ නිරත රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෙත ලිපියක් යොමු කරමින් ඊයේ (23) දැනුම් දී ඇත.

දැනට වැඩවර්ජනයක නිරත රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ නියෝජතයන් සමඟ පෙරේදා (22) සෞඛ්‍ය අමාත්‍යංශයේදී පැවැති සාකච්ඡාවකින් අනතුරුව ඇමැතිවරයා මේ තීරණය ගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා එම සංගමයට යැවූ ලිපයේ දක්වා තිබේ.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නිලවරණ රෙගුලාසිවලට අනුව එහි නිලවරණය කඩිනම් කිරීම සඳහා නීති කෙටුම්පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා මේ වනවිටත් අවශ්‍ය ලිපිලේඛන සූදානම් කර ඉදිරිපත් කර ඇතැයි ද එම ලිපියේ සඳහන් කර තිබේ.

ශ්‍රේණිගත වෛද්‍ය නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු ක්‍රියාත්මක කරන දිනය පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යවරයා දැනටමත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් වැඩිදුරටත් කරුණු සපයන ලෙස ඉල්ලා ඇතැයි ද, ඕනැම සාමාන්‍ය පත්වීමක්, ස්ථාන මාරුවක් හෝ වෙනත් සාමාන්‍ය ක්‍රියාකාරකම් සඳහා කිසිදු ආකාරයක දේශපාලන මැදිහත්වීමක් හෝ සෞඛ්‍ය අමාත්‍යාංශය හෝ රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් ලබා දී ඇති උපදෙස් කඩ කිරීමක් හෝ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පරිපාලන ක්‍රියාපටිපාටියට ඇඟිලි ගැසීමක් හෝ සිදු නොකරන බවට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අවධාරණය කර ඇතැයි ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට යොමු කළ ලිපියෙන් අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කර තිබේ.

  • දිනමිණ පුවත්පතෙන්

Recent Posts

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

18 hours ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

19 hours ago

ලංගමට තවත් බස් 800ක් – මෙට්‍රෝ බස් 50කුත් එකතු වෙයි

සුභා­ෂිණී සේනා­නා­යක, නිමල් රාජ­පක්ෂ පොදු ප්‍රවා­හන සේවාවේ ප්‍රධාන භූමි­කා­වක් ඉටු­ ක­රන ලංගම තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මට…

1 day ago

පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් අපේ පූර්ණ සහයෝගය!- විපක්ෂ නායක

පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…

1 day ago

දේශගුණික විපර්යාස සහ ප්‍රධාන සෞඛ්‍ය අභියෝග 04 ක් ජය ගැනීමට කලාපීය සහයෝගීතාවයේ අවශ්‍යතාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…

1 day ago

SAWM-SL ඩිජිටල් සමානාත්මතා AI පුහුණු වැඩමුළු සඳහා අයදුම්පත් දැන් විවෘතයි

COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…

4 days ago