දේශීය

වෛද්‍ය සේවයේ ගැටලු සොයන්නත් කමිටුවක්

වෛද්‍ය සේවයේ පවතින ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීමට සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරුවරයකුගේ සභාපතීත්වයෙන් යුතු කමිටුවක් පත් කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබේ. විශේෂඥ වෛද්‍යවරුන්ගේ වාර්ෂික ස්ථාන මාරු ලැයිස්තුව කඩිනමින් ප්‍රකාශයට පත් කිරීමට ද සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.

එමෙන්ම විශේෂඥ ශ්‍රේණියේ වෛද්‍ය නිලධාරින්ගේ වාර්ෂික ස්ථාන මාරු සම්බන්ධයෙන් තීරණයට එළැඹීමට සියලු පාර්ශ්ව සමඟ තවත් සාකච්ඡාවක් පැවැත්වීමට ද සෞඛ්‍ය ඇමැතිවරයා තීරණය කර තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා මේ බව වැඩවර්ජනයේ නිරත රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෙත ලිපියක් යොමු කරමින් ඊයේ (23) දැනුම් දී ඇත.

දැනට වැඩවර්ජනයක නිරත රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ නියෝජතයන් සමඟ පෙරේදා (22) සෞඛ්‍ය අමාත්‍යංශයේදී පැවැති සාකච්ඡාවකින් අනතුරුව ඇමැතිවරයා මේ තීරණය ගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා එම සංගමයට යැවූ ලිපයේ දක්වා තිබේ.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නිලවරණ රෙගුලාසිවලට අනුව එහි නිලවරණය කඩිනම් කිරීම සඳහා නීති කෙටුම්පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා මේ වනවිටත් අවශ්‍ය ලිපිලේඛන සූදානම් කර ඉදිරිපත් කර ඇතැයි ද එම ලිපියේ සඳහන් කර තිබේ.

ශ්‍රේණිගත වෛද්‍ය නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු ක්‍රියාත්මක කරන දිනය පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යවරයා දැනටමත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් වැඩිදුරටත් කරුණු සපයන ලෙස ඉල්ලා ඇතැයි ද, ඕනැම සාමාන්‍ය පත්වීමක්, ස්ථාන මාරුවක් හෝ වෙනත් සාමාන්‍ය ක්‍රියාකාරකම් සඳහා කිසිදු ආකාරයක දේශපාලන මැදිහත්වීමක් හෝ සෞඛ්‍ය අමාත්‍යාංශය හෝ රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් ලබා දී ඇති උපදෙස් කඩ කිරීමක් හෝ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පරිපාලන ක්‍රියාපටිපාටියට ඇඟිලි ගැසීමක් හෝ සිදු නොකරන බවට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අවධාරණය කර ඇතැයි ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට යොමු කළ ලිපියෙන් අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කර තිබේ.

  • දිනමිණ පුවත්පතෙන්

Recent Posts

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

22 hours ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

22 hours ago

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

6 days ago

ලොස් ඇන්ජලීස්හිදී ශ්‍රී ලාංකික ඇඟලුම් සේවිකාවකට යුක්තිය ඉල්ලා විරෝධතාවක්

Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…

6 days ago

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

1 week ago