විදේශීය

උතුරු කොරියානු නායකයා සිය වැසියන්ට දින 11ක් සිනහව තහනම් කරයි.

උතුරු කොරියානු නායක කිම් ජොන්උන් එරට වැසියන්ට දින 11ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ සිය පියාගේ අභාවයේ 10 වැනි සංවත්සරය නිමිත්තෙන්. දෙසැම්බර් මස 17 වනදා සිට දින 11ක් එය පැවැත්වෙනු ඇති. විදෙස් වාර් තාවලට අනුව ශෝක කාලය තුළ එරට ජනතාවට සිනාසීමට, මත්පැන් පානය කිරීමට හෝ ප්‍රිය සම්භාෂණ උත්සවවල යෙදීමට අවසර හිමිවන්නේ නැහැ. සාප්පු සවාරි යාම පවා තහනම්. එසේ කළ හොත් ඊට අදාළ නීති අනුව දඬුවම් හිමිවනු ඇති.
සාමාන්‍යයෙන් සෑම වසරකම දින 10 ක ශෝක කාලයක් පැනවෙන අතර, සිය පියා වන හිටපු උතුරු කොරියානු නායක කිම් ජොන් ඉල්ගේ අභාවයෙන් වසර 10 මේ වසරේදී සපිරෙන බැවින් මෙවර ශෝක කාලය තවත් දිනකින් දීර් ඝ කර ඇත.

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

5 hours ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

1 day ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

2 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

2 days ago