විශේෂාංග

ෆිච් ආයතනය ශ්‍රේණිගත කිරීම් පහත දැමීම නිවැරදියි – කීර්ති තෙන්නකෝන්

කිසිදු ආනයනයකට ඩොලර් නිදහස් කිරීම වැලැක්වීම තුලින් මහා භාණ්ඩාගාර මුට්ටියේ දන්කුඩ ටිකක් හූරා ජනවාරි 18 ට පෙර ඩොලර් මිලියන 500 ක ණය පියවීම තුලින් පමණක් ශ්‍රී ලංකාව බංකොලොත් භාවයෙන් මුදවා ගත නොහැකි යැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි.

‘ඔළුව නැතත් කඳ ෆයිට්‘ අජිත් නිවාඩ් කබ්රාල් – සර්වබලධාරී පී.බී.ජයසුන්දරගේ ආර්ථික විද්‍යාව උප්පරවැට්ටියට ජාත්‍යන්තරය රවට්ටන්න බෑ – කීර්ති තෙන්නකෝන්

ජාත්‍යන්තර ෆිච් ආයතනය ලංකාව බංකොලොත් භාවයට ආසන්නම තැනට ලංකාවේ ශ්‍රේණිගත කිරිම් පහත හෙලා තියෙනවා.  මේ තත්වය 2022 ජනවාරි පළමු සතියේ අති විය හැකි බව අනුමාන කරනු ලැබූවා.  අද වන විට අතශ්‍යවශ්‍ය භාණ්ඩ සඳහා ණයවර ලිපි සඳහා ඩොලර් මිලියන 800 ක ඉල්ලීම් මහ බැංකුව වෙත ලැබි තියෙනවා. 

හැබැයි ඒ කිසිවක් සඳහා ගෙවීම් කරන්නේ නෑ. ණය ගෙවන්නයි, පිටරටින් බඩු ගෙන්වන්නයි දෙකම කරන්න බෑ.  ආණ්ඩුව මේ ණය වාරිකය කොහොම හරි ගෙවලා මාසයකට ජාම බේරාගන්න හදනවා. එතකොට රටේ ආයනයන සීමා වෙනවා.  දැනටමත් ගල් අගුරු ප්‍රශ්නයක් තියෙනවා. ඉන්ධන ගෙන්වීමට ඩොලර් මිලියන 400 ක් වහා අවශ්‍යයි. ඉන්ධන නැතිනම්, ගල් අඟුරු නැතිනම් අපිට අඳුරේ ඉන්නට සිද්ධ වෙනවා.  කර්මාන්ත ශාලා වැහිලා අපේ ඇඟළුම් ඇතුළු අපනයන සියල්ල නවතිනවා.

2022 ජනවාරි 17 ජාත්‍යන්තර බැඳුම්කර සඳහා ඩොලර් මිලියන 500 පියවලා, ජනවාරි 18 පාර්ලිමේන්තුවට ඇවිත් ‘ඔන්න අපි ණය ගෙව්වා‘ කියලා පම්පොරියක් ගහන්න ආණ්ඩුව සුදානම් වෙනවා. පී.බී.ජයසුන්දර – අජිත් නිවාඩ් කබ්රාල් දෙන්නා මේ පම්පෝරිය ගහන්න තමයි පාර්ලිමේන්තුව වාර අවසන් කරන්න ජනාධිපතිවරයා පොළඹවා ගත්තේ. හැබැයි, ජනවාරි මාසය අවසන්වන විට තවත් ඩොලර් මිලියන 250 දේශීය ණය (ශ්‍රී ලංකා සංවර්ධන බැදුම්කර) සඳහා ගෙවිය යුතුයි.  ඒක ගෙවන්න නම් රටට පොලිම්-සලාක ක්‍රමයකට යන්න වෙනවා.
අපි විතරක් නෙවෙයි, ජාත්‍යන්තර සංවිධාන, ණය ආයතන මේ කතාව දන්නවා.  ජාත්‍යන්තර ෆිච් ආයතනයේ වාර්තාවට අජිත් නිවාඩ් කබ්රාල් ‘ඔළුව නැතත් කඳ ෆයිට්‘ ආකාරයේ පිළිතුරක් දීලා තියෙනවා. සර්වබලධාරී පී.බී.ජයසුන්දර කියන්නෙත් මේකම තමයි.  කබ්රාල් – පී.බී. කියන දෙයක් මේ  රටේ ජනමාධ්‍ය ප්‍රශ්ණ කරන්නේ නැති නිසා එයාලා දිගටම මේ රැවටීම කරනවා.   
දැන් මාසයකට වැඩි කාලයක් ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් අච්චු ගැසීම සීමා කර තිබෙනවා. කෝටි එක් ලක්ෂ පනස් දහසක් අච්චු ගහලා ඉවර වුනාට පස්සේ, උද්ධමනය පාලනය වෙන්නේ නෑ. 

2022 වසරේ දී ලංකාව ඩොලර් මිලියන 7000 ක් (ඩොලර් බිලියන 7 ක) ණය, ණය වාරික සහ පොලිය ගෙවීය යුතුයි.  මෙයින් 45% ක්ම ගිණි පොලියට රාජපක්ෂ ආණ්ඩුව ලබාගත් ණය පංගුවක් තියෙන්නේ. 
අපේ මිත්‍ර රටවලට හෝ ජාත්‍යන්තර සංවිධානවලට පමණක් ලංකාවේ ණය අර්බුදය විසඳන්න බෑ. එයට හේතුවක් තියෙනවා.  ලංකාවේ මුළු ණය ප්‍රමාණයන් ද්වි පාර්ශවයීය ණය තියෙන්නේ ඩොලර් මිලියන 550 යි. අන්තර් ජාතික සංවිධාන/රාජ්‍යයන් එකකට වැඩි සංඛ්‍යාවකට ගෙවිය යුතු බහු පාර්ශවීය ණය ඩොලර් මිලියන 600 කි. ඒ දෙකේම එකතුව ඩොලර් බිලියන 1.15 යි.  ඉතිරි ඩොලර් බිලියන 5.8 ගිණි පොලියට ගත්ත ණය සහ ඒවායේ පොළිය. 

ෆිච් ආයතනය දැන් ලෝක ආයතන, ආයෝජකයින්ට කියනවා ලංකාවේ මුදල් ආයෝජනය කරන්න එපා කියලා. එයට හේතුව තමයි  ජාත්‍යන්තර සෛවරී බැඳුම්කර  ඩොලර් මිලියන 1500  ට පමණක් ඉදිරි කාලයේ ආණ්ඩුව ඩොලර් මිලියන 1100 කට ආසන්න පොලියක් ගෙවීමට නියමිතව තිබිිම.  ගිණි පොළියට සල්ලි අරගෙන ඒ සල්ලි චීන අශුචි, නැනෝ පොහොර වගේ හොරකම්වලට යොදා ගත්තාම රට බංකොලොත් වෙනවා. 

මතක තියාගන්න, ආණ්ඩුව ලෝකයට විතරක් නෙවෙයි, ලංකාවේ අයටත් (ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර) ඩොලර් මිලියන 1450 ක් ණයයි.  ජාත්‍යන්තර සංවිධාන, රාජ්‍ය හා ආයතන හා පුද්ගලයින්ට ගෙවිය යුතු ණය ඩොලර් මිලියන 1250 ක් ණයයි.  තව මාසයකින් බංගලිදේශයෙන් ගත්ත ණය ඩොලර් මිලියන 150 ක අතමාරුව ගෙවන්න ඕනි.  මේ ඔක්කොම එකතුවුනාම ඩොලර් මිලියන 7000 ක් (බිලියන 7) ණය යි. 
ජනවාරි මාසයේ ජාත්‍යන්තර බැඳුම්කර ඩොලර් මිලියන 500 ත්, සංවර්ධන බැඳුම්කර මිලියන 250 වලද හූරලා අරගෙන ගෙවන්න නම් රටේ ගෑස්, ඉන්ධන, හාල් – පිටි – සීනි නැති තැනකට යන්න වෙලවා.  බෙහෙත් නැතිව මිනිස්සු මැරෙන්න හරින්න වෙනවා.

පොහොර-බෙහෙත්වලට ඩොලර් දෙන්නේ නැතිව කුඹුරුවලට ධම්මික බාස්ලාගේ, රතන ලාගේ තෙල් බෙහෙත්, අශුචි වලවල් හලන්න වෙනවා.
මේ මුල්‍ය අර්බුදයවත්, ඒ හා බැඳුණු ඉන්ධන අර්බුදයවත් ලේසියෙන් විසඳන්න පුළුවන් ප්‍රශ්ණ නෙවෙයි.  2019 දී රාජපක්ෂ පවුලත්, අජිත් නිවාඩ් කබ්රාල්, විමල් වීරවංශ, ගම්මන්පිල ලා කිව්වා වගේ ‘අපිට දෙන්න අපි කරලා පෙන්නන්නම්‘ ජාතියේ විශ්වකර්ම ප්‍රයෝගකාරයින්ට මේ රට ණය අර්බුදයෙන් ගලවා ගන්න බෑ. ආණ්ඩුවට බනින අයගෙන් ‘ඔබලාගේ විකල්පය කුමක්ද? කවුද ඒ වැඩේ කරන්න පුළුවන්?‘ මොන කණ්ඩායමටද ඒ වැඩේ කරන්න පුළුවන්? කියන ප්‍රශ්ණය අහන සමාජයක් විතරයි මේ ප්‍රශ්ණය විසඳාගන්න පුළුවන් වෙන්නේ. 

කිසිම ආර්ථික වැඩ පිළිවෙලක් නැතිව බඩු බෙදලා, සුරංගනා කථා කියලා බලය ගත්ත ආණ්ඩුව අද රටේ ඇතිකරලා තියෙන තත්වයට නැවත රට වැටිය යුතු නෑ.  ලංකාව ණය වෙලා තියෙන හැර ඩොලර් 4 න් තුනක්ම ණය වුණේ රාජපක්ෂ ආණ්ඩු යටතෙයි. 
අද රුපියල් සල්ලි අච්චු ගහන එක සීමා කරලා තිබුණාට, මේ අපි ගෙවමින් තියෙන්නේ, කිරි තේ එකකට රු. 90 ක් ගෙවන්නේ, ආප්පයක් රු. 20 ක් වෙලා තියෙන්නේ, පසුගිය කාලයේ ඉවක් බවක් නැතුව සල්ලි අච්චු ගැසීමේ ප්‍රතිඑලය යි යැයි ද තෙන්නකෝන් මහතා පැවසීය.
 
රජිත් කීර්ති තෙන්නකෝන්
දකුණු පලාත් හිටපු ආණ්ඩුකාර

Recent Posts

අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් යැවූ සම්පූර්ණ පණිවිඩය

මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…

6 hours ago

නගර සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වීමට නියමිත “Life Cities” ව්‍යාපෘතිය අගමැති ප්‍රධානත්වයෙන් ජනගත කෙරේ

2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…

1 day ago

ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top Solar ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට මූලික සාකච්ඡා ඇරඹේ

මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…

1 day ago

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

3 days ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

3 days ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

5 days ago