විශේෂාංග

ඇයත් පොසිට්වි – ආරක්ෂිත ඇඳුම් නොමැතිව අවදානම ගෙන කොවිඩ් ආසාදිතයෙකුට හදිසි ප්‍රතිකාර කළ හෙදියගේ කතාව

හෙද නිලධාරීනී මහේෂා දිල්රුක්ෂි මෙම වසංගතයක් පැතිර යන සමයක සෞඛ්‍ය සේවකයන් මුහුණ දෙන ගැටලුවක් ගැන සිය අත්දැකීමක් මෙසේ සටහන් කර තිබුණා. ඇය සිදු කර ඇත්තේ විශාල කැපකිරීමක්.

උපුටා ගැනීම

හදිසි අනතුරක් වෙලා ශල්‍යකර්මයකින් පස්සේ වාට්ටුවට ආපු තවත් ලෙඩෙක්.මැරෙන්න පණ අදිනවා.රැපිඩ් ටෙස්ට් රිපෝට් එනකල් මොකුත් කර ගන්න බෑ පොතේ නම් එහෙමයි.අනේ එහෙමයි කියලා කොහොම නම් බලා ඉන්නද ජීවිතෙත් මරණෙත් අතර පොරකන ඒ මනුස්සයා දිහා.පී පී කිට් දාගන්න කොයින්ද වෙලාවක්.හනික වටවෙලා පුලු පුලුවන් විදියට දැඟලුවෙම ජීවත් කරවන්න.ඔට්ටු වෙවී ඉන්න අතරෙ ආවා ඇන්ටිජන් රිපෝට් එක ලෙඩාගේ…

දෙයියනේ පොසිටිව්…

ඒ කියලා කොහොම නම් නවත්තන්නද මේ මනුස්සයව ජීවත් කරවන්න ඔට්ටු වෙන එක.

එක දිගට මහ වෙලාවක් දැඟලුවත් අනේ අපි පරාදයි .තවත් තාත්තෙක් උපතින්ම කතා කර ගන්න බැරි අවුරුදු එකොලහක කොලු පැටියෙක්.අවුරුදු පහක කෙලි පැටික්කියක් එක්ක අම්මෙක්ව දාලා සදහටම යන්න ගියා.

දන්නවද මගේ තාත්තත් මට අවුරුදු පහක් වෙද්දි මාව දාලා යන්නම ගියා… සමහර සිදුවිම් හරිම ඉක්මනින් අපිව අතීතයට අරන් යනවා .හිතට තියන එකම සැනසිම අපිට පුලුවන් උපරිම දේත් අපි කලා කියන එක විතරමයි.

එදා ඒ සිදුවීමේ ප්‍රතිඵල මටත් ලැබිලා..
අද මම පොසිටිව්..
දුකක් නැහැ කොයිමවත්… නිකරුනේ නොසැලකිල්ලෙන් ලෙඩ හදා ගන්න මිනිස්සු අතරේ මනුස්සයෙකුට ජීවිතේ දෙන්න ඔට්ටු වෙලා මෙහෙම උන කෝවිඩ් ලෙඩෙක් .

-මහේෂා දිල්රුක්ෂි (හෙද නිලධාරීනී)

Recent Posts

UN Resident Coordinator Makes Special Statement on Sri Lanka’s New Laws and Civic Space

Marc-André Franche comments at the launch of the Civil Society Shadow Report submitted for the…

10 hours ago

ශ්‍රී ලංකාවේ නව නීති ගැන UN කනස්සල්ල පළ කරයි UN Resident Coordinator ගෙන් විශේෂ ප්‍රකාශයක්

ශ්‍රී ලංකාව පිළිබඳ මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය (FATF) විසින් සිදුකරන අන්‍යෝන්‍ය ඇගයීම (Mutual Evaluation)…

10 hours ago

දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන.

දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන. https://www.youtube.com/watch?v=QfL9SY-iVKM

20 hours ago

දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ නැහැ-කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ

කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ දුම්රිය වර්ජනය ගැන අදහස් දැක්වූවා.දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ…

20 hours ago

ලෝක ශූරයාගේ ජයග්‍රහණයට පසු ලැබුණු “තුර්කි එයාර්ලයින්ස්” පිළිතුර ගැන දැඩි කතාබහක්

ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…

2 days ago

World Champion Returns Home to Broken Javelins After Turkish Airlines Mishandling

Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…

2 days ago