ක්‍රීඩා

ආසියානු කුසලානෙට යොවුන් පිල 21 වැනිදා පිටත්ව යයි

ආසියානු ක්‍රිකට් සම්මේලනයේ සංවිධානයෙන් පවත්වනු ලබන වයස අවුරුදු 19 න් පහළ යොවුන් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම දෙසැම්බර් මස 21 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව යනු ඇත. කණ්ඩායම් 8 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙවර ආසියානු කුසලාන තරගාවලිය දෙසැම්බර් මස 23 වැනිදා සිට 31 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වේ.

මූලික වටය යටතේ කණ්ඩායම් 4 බැගින් වන සේ ප්‍රධාන කාණ්ඩ දෙකක් යටතේ තරග පැවැත්වෙන මූලික වටයේදී ශ්‍රී ලංකාව ‘බී’ කාණ්ඩයෙන් තරග වදියි. බංග්ලාදේශය, නේපාලය සහ කුවේට් එම කාණ්ඩයේ සෙසු කණ්ඩායම් වෙති. ‘ඒ’ කාණ්ඩය යටතේ ඉන්දියාව, පාකිස්තානය, ඇෆ්ගනිස්තානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය තරග වදිති.

ලීග් ක්‍රමය යටතේ පැවැත්වෙන මූලික වටයේ තරග වලදී පළමු සහ දෙවැනි ස්ථානය හිමිකර ගන්නා කණ්ඩායම් අවසන් පූර්ව තරග වටයට සුදුසුකම් ලබනු ඇත. ශ්‍රී ලංකාව තරග වදිනු ලබන ‘බී’ කාණ්ඩයේ එක් තරගයක් හැරුණු කොට සෙසු තරග සියල්ලම සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. ‘ඒ’ කාණ්ඩයේ සියලුම තරග ක්‍රිකට් විද්‍යායතන ක්‍රීඩාංගණ වලදී පැවැත්වෙන අතර අවසන් මහ තරගය 31 වැනිදා ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

ආසියානු කුසලාන සහ ඉන් පසු පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරගාවලි ඉලක්ක කර ගනිමින් දුනිත් වෙල්ලාලගේගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා ගෙවී ගිය මාස 2 කට අධික කාලයේදී ඉතා හොඳ නේවාසික පුහුණු සැසි කීපයකට සහභාගිවූ අතරම ලෝක ශූර බංග්ලාදේශ පිලට සහ එංගලන්ත පිලට එරෙහිව තරග 5 කින් සමන්විත එක්දන තරගාවලි 2 කට සහභාගිවිය. එහිදී ලෝක ශූරයින්ව 5-0 කින් පරාජයට පත් කළ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ එංගලන්තයට එරෙහි තරගාවලිය 3-2 ක් ලෙස ජයග්‍රාහීව අවසන් කර ගනිමින් ඉතා ඉහළ විශ්වාසයකින් යුතුව මෙම තරගාවලියට පිටත්ව යනු ඇත.

මේ දක්වා පවත්වා ඇති යොවුන් ආසියානු කුසලා තරගාවලි 8 න් එකම අවස්ථාවකදී හෝ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාව අසමත්වී තිබේ. එම තරගාවලි 7 කම ශූරතාව දිනා ගැනීමට ඉන්දියාව සමත් වද්දී 2012 වසරේදී පාකිස්තානු පිල සහ ඉන්දියාව සම ශූරයින් ලෙසද, 2017 වසරේදී ඇෆ්ගනිස්තානය ද ශූරතා දිනාගත්හ. අවසන් වරට පැවැති ලෝක කුසලාන තරගාවලියේ ශූරතාව දිනා ගනු ලැබූවේ බංග්ලාදේශ යොවුන් කණ්ඩායම වේ. මෙතෙක් ලෝක කුසලාන තරගාවලිවලදී ශ්‍රී ලංකාව 1989, 2003, 2016 සහ 2018 යන වසරවල පැවැති ආසියානු කුසලාන තරගාවලි අනුශූරතාවයට හිමිකම් කියා තිබේ.

-Sri Lanka Cricket

Recent Posts

අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් යැවූ සම්පූර්ණ පණිවිඩය

මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…

1 day ago

නගර සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වීමට නියමිත “Life Cities” ව්‍යාපෘතිය අගමැති ප්‍රධානත්වයෙන් ජනගත කෙරේ

2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…

2 days ago

ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top Solar ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට මූලික සාකච්ඡා ඇරඹේ

මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…

2 days ago

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

4 days ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

4 days ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

6 days ago