ක්‍රීඩා

ආසියානු කුසලානෙට යොවුන් පිල 21 වැනිදා පිටත්ව යයි

ආසියානු ක්‍රිකට් සම්මේලනයේ සංවිධානයෙන් පවත්වනු ලබන වයස අවුරුදු 19 න් පහළ යොවුන් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම දෙසැම්බර් මස 21 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව යනු ඇත. කණ්ඩායම් 8 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙවර ආසියානු කුසලාන තරගාවලිය දෙසැම්බර් මස 23 වැනිදා සිට 31 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වේ.

මූලික වටය යටතේ කණ්ඩායම් 4 බැගින් වන සේ ප්‍රධාන කාණ්ඩ දෙකක් යටතේ තරග පැවැත්වෙන මූලික වටයේදී ශ්‍රී ලංකාව ‘බී’ කාණ්ඩයෙන් තරග වදියි. බංග්ලාදේශය, නේපාලය සහ කුවේට් එම කාණ්ඩයේ සෙසු කණ්ඩායම් වෙති. ‘ඒ’ කාණ්ඩය යටතේ ඉන්දියාව, පාකිස්තානය, ඇෆ්ගනිස්තානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය තරග වදිති.

ලීග් ක්‍රමය යටතේ පැවැත්වෙන මූලික වටයේ තරග වලදී පළමු සහ දෙවැනි ස්ථානය හිමිකර ගන්නා කණ්ඩායම් අවසන් පූර්ව තරග වටයට සුදුසුකම් ලබනු ඇත. ශ්‍රී ලංකාව තරග වදිනු ලබන ‘බී’ කාණ්ඩයේ එක් තරගයක් හැරුණු කොට සෙසු තරග සියල්ලම සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. ‘ඒ’ කාණ්ඩයේ සියලුම තරග ක්‍රිකට් විද්‍යායතන ක්‍රීඩාංගණ වලදී පැවැත්වෙන අතර අවසන් මහ තරගය 31 වැනිදා ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

ආසියානු කුසලාන සහ ඉන් පසු පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරගාවලි ඉලක්ක කර ගනිමින් දුනිත් වෙල්ලාලගේගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා ගෙවී ගිය මාස 2 කට අධික කාලයේදී ඉතා හොඳ නේවාසික පුහුණු සැසි කීපයකට සහභාගිවූ අතරම ලෝක ශූර බංග්ලාදේශ පිලට සහ එංගලන්ත පිලට එරෙහිව තරග 5 කින් සමන්විත එක්දන තරගාවලි 2 කට සහභාගිවිය. එහිදී ලෝක ශූරයින්ව 5-0 කින් පරාජයට පත් කළ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ එංගලන්තයට එරෙහි තරගාවලිය 3-2 ක් ලෙස ජයග්‍රාහීව අවසන් කර ගනිමින් ඉතා ඉහළ විශ්වාසයකින් යුතුව මෙම තරගාවලියට පිටත්ව යනු ඇත.

මේ දක්වා පවත්වා ඇති යොවුන් ආසියානු කුසලා තරගාවලි 8 න් එකම අවස්ථාවකදී හෝ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාව අසමත්වී තිබේ. එම තරගාවලි 7 කම ශූරතාව දිනා ගැනීමට ඉන්දියාව සමත් වද්දී 2012 වසරේදී පාකිස්තානු පිල සහ ඉන්දියාව සම ශූරයින් ලෙසද, 2017 වසරේදී ඇෆ්ගනිස්තානය ද ශූරතා දිනාගත්හ. අවසන් වරට පැවැති ලෝක කුසලාන තරගාවලියේ ශූරතාව දිනා ගනු ලැබූවේ බංග්ලාදේශ යොවුන් කණ්ඩායම වේ. මෙතෙක් ලෝක කුසලාන තරගාවලිවලදී ශ්‍රී ලංකාව 1989, 2003, 2016 සහ 2018 යන වසරවල පැවැති ආසියානු කුසලාන තරගාවලි අනුශූරතාවයට හිමිකම් කියා තිබේ.

-Sri Lanka Cricket

Recent Posts

ප්‍රදේශ කිහිපයක අදත් හවසට වැස්ස

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00…

16 hours ago

තුර්කි – ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත හමුවක්

ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…

16 hours ago

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

2 days ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

2 days ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

4 days ago