Sunday, September 20, 2026
Homeක්‍රීඩාමැතිව්ස්ගෙන් කඩුලු ත්‍රිත්වයක්

මැතිව්ස්ගෙන් කඩුලු ත්‍රිත්වයක්

ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් කඩුලු ත්‍රිත්වයක් වාර්තා කිරීමට සමත් ව තිබෙනවා.

ඒ ඔහු මේ වන විට සහභාගී වී සිටින අබුඩාබි T 10 තරගාවලිය අතරතුරදී.

එම තරගාවලියේ නොදර්න් වොරියස් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන්නේ ඇන්ජලෝ මැතිව්ස්.

මැතිව්ස් ඊයේ සම්ප් ආම් කණ්ඩායමට එරෙහිව මෙම දක්ශතාව දක්වා තිබෙනවා.

පළමුව පන්දුවට පහරදුන් නොදර්න් වොරියස් කණ්ඩායම නියමිත පන්දුවාර 10 අවසානයේ කඩුලු 05 ක් දැවී ලකුණු 103ක් රැස් කළ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සම්ප් ආමි කණ්ඩායම කඩුලු 08ක් දැවී රැස් කළේ ලකුණු 94ක් පමණයි.

ඒ අනුව තරගය ලකුණු 9කින් ජය ගැනීමට ඇන්ජිලෝ මැතිව්ස් ප්‍රමුඛ නොදර්න් වොරියස් කණ්ඩායම සමත් වුණා.

READ:   BREAKING NEWS: 19 න් පහළ ක්‍රිකට් ලෝක කුසලානයේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවෙන් දකුණු අප්‍රිකාව ට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්