Monday, April 20, 2026
Homeදේශීයමධුනාගල ඇතුළු සංචාරක ගමනාන්ත නවයක් කඩිනමින් සංවර්ධනය කෙරේ.

මධුනාගල ඇතුළු සංචාරක ගමනාන්ත නවයක් කඩිනමින් සංවර්ධනය කෙරේ.

පළාත් 9 ආවරණය වන පරිදි තෝරා ගත් සංචාරක ගමනාන්ත 9ක් තිරසර සංචාරක ගමනාන්ත ලෙස කඩිනමින් සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබේ.

  1. සීගිරිය තිරසාර ගමනාන්තය,
  2. පිළිකුත්තුව දේශීය උරුම ගමනාන්තය,
  3. වනාතවිල්ලුව ගංගේවාඩිය ගමනාන්තය,
  4. එල්ලාවල ඇල්ල ස්වභාවික ගමනාන්තය,
  5. වවුල්පනේ හුණුගල් ගුහාව ගමනාන්තය,
  6. ඩෙල්ෆ් දූපත,
  7. මධුනාගල උණුදිය උල්පත්,
  8. පානම ප්‍රජා ගම්මාන සහ
  9. මිහින්තලේ මෙම ගමනාන්ත 9 අතර වෙයි. මේ අතර සීගිරිය හා යාල ජාතික වනෝද්‍යානය ප්ලාස්ටික් භාවිතයෙන් තොර පළමු පරිසර හිතකාමි තිරසර සංචාරක ගමනාන්ත ලෙස ප්‍රවර්ධනය කිරීම දැනටමත් ආරම්භ කර තිබේ. එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදලේ ජෛව විවිධත්ව මූල්‍ය ව්‍යාපෘතියේ සහාය ඇතුව මෙය ක්‍රියාත්මක කරන බව සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. තිරසර සංවර්ධන ඉලක්කයන් සපුරාලීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ ද සදහන් වැඩපිළිවෙළක් වන අතර ඒ අනුව මෙම තිරසර ගමනාන්ත සංවර්ධනය ක්‍රියාත්මක කරන බව ඇමතිවරයා සදහන් කරයි. මේ වන විටත් මෙම තිරසර ගමනාන්ත සංවර්ධනය සදහා අදාළ පළාත් සංචාරක බලධාරින් වෙත වගකීම පවරා තිබෙන අතර දැනටමත් ඔවුන් මේ සඳහා අවශ්‍ය කටයුතු සිදු කරමින් තිබෙන බව ඇමැතිවරයා සඳහන් කරයි. -උපුටා ගැනීම – දිනමිණ පුවත්පතෙන්
READ:   ගෑස් මිල සංශෝධනය ගැන තීරණයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්