ක්‍රීඩා

පදක්කම් මල්ලක් රැගෙන යොවුන් පැරා පිල ලක් මව සිප ගනියි

බහරේනයේදී නිමාව දුටු ආසියා යොවුන් පැරා ක්‍රීඩා උලෙළේදී රන් පදක්කම් 4ක්, රිදී පදක්කම් 4ක් හා ලෝකඩ පදක්කම් 4ක් සමඟ පදක්කම් 12ක් දිනාගත් ශ්‍රී ලංකා ක්‍රිඩක ක්‍රීඩිකාවෝ ඊයේ අලුයම මෙරටට පැමිණියහ. උපතින් යම් ශාරීරික ආබාධ තිබුණද එය ඉදිරි අනාගතයට ධෛර්යයක් ලෙස සලකා ජය බිමට පිවිස ආසියානු යොවුන් පැරා ක්‍රීඩා ඉතිහාසයේ ශ්‍රී ලංකාවට වැඩිම පදක්කම් ගණනක් මෙවර දිනා දීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වීම මෙහි ඇති විශේෂත්වයකි. වසර 2017දී ඩුබායිහි පැවැති ආසියා යොවුන් පැරා ක්‍රීඩා උලෙළේදී ශ්‍රී ලංකාව පදක්කම් 3ක් දිනා සිටීම මෙතෙක් හිමි කර ගෙන තිබූ හොඳම දක්ෂතාව වුවද එය අබිබවා යෑම ශ්‍රී ලංකා පැරා ක්‍රීඩාවේ සුබ පෙරනිමිති පහළ කිරීමකි.

ආසියාවේ රටවල් 32ක වයස අවුරුදු 20න් පහළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 800ක් පමණ මේ ක්‍රීඩා උලෙළට සහභාගී වී සිටි අතර ක්‍රීඩා 9ක් ක්‍රියාත්මක විය. ක්‍රීඩා උලෙළට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රිඩිකාවෝ 8ක් සහ ඔවුන් භාරව නිලධාරීහු 6ක් එක්ව සිටියහ. එයින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 5ක්ම රන්, රිදී හා ලෝකඩ පදක්කම් දිනා ගැනීමට සමත් වූහ. 16 හැවිරිදි ගලීනා බස්නායක පිහිනුම් ඉසව්වලින් රන් පදක්කම් 3ක් හා රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් විය.

16 හැවිරිදි ජේසන් ජයවර්ධන යගුළිය විසි කිරීමේ හා කවපෙත්ත විසි කිරීමේ ඉසව් දෙකෙන්ම රිදී පදක්කම් දිනා ගත් අතර සෆ්රාන් මොහොමඩ් දුර පැනීමෙන් හා මීටර් 100 ඉසව්වලින් රන් පදක්කමක් හා රිදී පදක්කමක් දිනා ගත්තේය. ජනනි ධනංජනා වික්‍රමසිංහ මීටර් 100, මීටර් 200 හා දුර පැනීම ඉසව්වලින් ලෝකඩ පදක්කම දිනා ගත් අතර නවිඩ් රශීන් රහීම් මීටර් 400 නිදහස් ආර ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් විය. ආසියානු පැරා ක්‍රීඩා උලෙළට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු ලෙස ප්‍රියන්ත පීරිස් මහතා කටයුතු කළ අතර ලසන්තා ශ්‍රියාකාන්ති මහත්මිය ක්‍රීඩිකාවන් භාර නිලධාරිනිය විය. ජුලියන් බෝලිං මහතා පිහිනුම් ක්‍රීඩා පුහුණුකරු ලෙස නලින්ද සෙනරත් මහතා, මලල ක්‍රීඩා පුහුණුකරු ලෙස හා දුමීර මදුරංග මහතා අධ්‍යාපන අමාත්‍යාංශ නියෝජිත මෙන්ම පාසල් මලල ක්‍රීඩා පුහුණුකරු ලෙස එක් වූහ. කණ්ඩායමේ වෛද්‍යවරයා ලෙස ආර්.ඩී.අයි. බස්නායක මහතා කටයුතු කළේය.

ශ්‍රී ලංකා යොවුන් පැරා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ දිනාගත් පදක්කම් මෙසේය.

ගලීනා කාමෙල් බස්නායක (පිහිනුම් – පාදයේ මාංශ පේශී ආබාධ S10 කාණ්ඩය)

මීටර් 100 නිදහස් ආර රන් පදක්කම – මිනිත්තු1:12:09, මීටර් 400 නිදහස් ආර රන් පදක්කම – මිනිත්තු 5:25:27, මීටර් 50 නිදහස් ආර රන් පදක්කම – මිනිත්තු 32:99, මීටර් 100 සමනල ආර රිදී පදක්කම – මිනිත්තු 1:32:86

ජේසන් ජයවර්ධන (මලල ක්‍රීඩා – සෙන්ටිමීටර් 130ට අඩු උස ක්‍රීඩක T/F41 කාණ්ඩය)

කවපෙත්ත විසි කිරීම රිදී පදක්කම – මීටර් 13.84, යගුළිය විසි කිරීම රිදී පදක්කම මීටර් 6.64

මොහොමඩ් සෆ්රාන් (මලල ක්‍රීඩා – එක් අතක් අහිමි T46 කාණ්ඩය)

දුර පැනීම – රන් පදක්කම – මීටර් 5.60, මීටර් 100 රිදී පදක්කම – තත්පර 13.39

ජනනි ධනංජනා වික්‍රමසිංහ (මලල ක්‍රීඩා – එක් අතක් අහිමි T46 කාණ්ඩය)

මීටර් 100 ලෝකඩ පදක්කම – තත්පර 13.88, දුර පැනීම ලෝකඩ පදක්කම මීටර් 4.38, මීටර් 200

ලෝකඩ පදක්කම තත්පර 29.36

නවිඩ් රශීන් රහීම් (පිහිනුම් – පාදයේ මාංශ පේශී ආබාධ S10 කාණ්ඩය)

මීටර් 400 නිදහස් ආර ලෝකඩ පදක්කම – මිනිත්තු 5: 20: 59

උපුටා ගැනීම – දිනමිණ පුවත්පතෙන්

Recent Posts

අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් යැවූ සම්පූර්ණ පණිවිඩය

මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…

3 hours ago

නගර සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වීමට නියමිත “Life Cities” ව්‍යාපෘතිය අගමැති ප්‍රධානත්වයෙන් ජනගත කෙරේ

2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…

1 day ago

ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top Solar ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට මූලික සාකච්ඡා ඇරඹේ

මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…

1 day ago

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

3 days ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

3 days ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

5 days ago