දේශීය

විදුලි බිඳ වැටීම පසුපස සෘජුව ම ඉන්නේ ඒ අන්තවාදීන් කණ්ඩායම -ලංකා ජේෂ්ඨ විදුලි ඉංජිනේරු සංගමය

ඉකුත්ර දා දිවයින පුරා සිදුවූ විදුලිය බිඳවැටීම සම්බන්ධව පරීක්ෂණයක් සිදු කළ යුතු බව ලංකා විදුලිබල මණ්ඩල ෙජ්‍යෂ්ඨ විදුලි ඉංජිනේරු සංගමය රජයෙන් ඉල්ලා සියිනවා. ඔවුන් පවසන්නේ රට පුරා විදුලිය බිඳ වැටීම් යම්කිසි කඩාකප්පල් ක්‍රියාවක් යැයි සැක සහිත බවයි. මේ අදහස් පළ වුණේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී.

ඇතැම් සංගම් අන්තවාදී ලෙස ක්‍රියා කරන බවත් අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් දියත් මෙහොතක මෙලෙස එකම ආකාරයකට දෙවරක් සමස්ත විදුලි පද්ධතිය බිඳ වැටීම බරපතළ සැක උපදවන බවත් ඒ පිළිබඳ වහාම අපක්ෂපාතී පරීක්ෂණයක් කළ යුතු බවත් ලංකා විදුලි ජේෂ්ඨ ඉංජිනේරු සංගමය පවසනවා.

අන්තවාදී ලෙස ක්‍රියාත්මක එම පිරිස් මේ පිටුපස සෘජුවම සිටින බව ඔවුක්ගේ අදහසයි.

ඊයේ පැවතියේ ලංකා විදුලි ජේෂ්ඨ ඉංජිනේරු සංගමයේ ප්‍රථම මාධ්‍ය හමුවයි.

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

1 day ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

2 days ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

3 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

3 days ago