දේශීය

ලොකු ම ප්‍රශ්නෙ ගෑස් පුපුරණ එක. බය හිතුණා අම්මා ගැන, මං විශේෂ ලිපක් හැදුවා – 8 වසරේ දරුවෙක් කියයි

ආණ්ඩුවේ දේශපාලකයන්, රජයේ නිලධාරීන් සහ සමාගම්වල නියෝජිතයන් මාධ්‍ය ඉදිරිපිටට පැමිණ තම නිරවද්‍යතාව උදෙසා කුමනාකාරයේ ⁣නිර්දෝෂී වීමේ කතා ගෙතුවද ජනතාවට ඒවා ගැන විශ්වාසයක් තිබෙනවා යන්න ගැටලුවක්. ඇතැමුන්ට මතුපිටින් විශ්වාසයක් ඇති වුණත්, සැබැවින් ම තමන් ආරක්ෂිත ද යන්න ගැන ඔවුන්ගේ සිත නිරවුල් ද?. කාගෙත් සිතේ ඇත්තේ කුකුසක්. “නූතන ගෘහස්ත බෝම්බයේ” අවදානම සමග නිරන්තරව පොර බදන්නේ විශේෂයෙන් ම ගෘහණියයි. මේ අවදානමට තවදුරටත් සිය මව නිරාවරණය කිරීමට අකමැති 8වන ⁣ශ්‍රේණියේ ඉ⁣⁣ගෙනුම ලබන දරුවෙක්, තමන්ගේ නිවසේදීම පොල් කටු උඳුනක් නිර්මානය කර මව වෙනුවෙන් සහනයක් ලබා දී තිබෙනවා.

රටේ ආර්ථිකය දරුණු ලෙස කඩා වැටෙමින් ද, පවුලේ ආර්ථිකය ශක්තිය ක්‍රමයෙන් හීන වෙමින් ද පවතින කාලයක දරුවා කර ඇති නිර්මාණයෙන් ⁣නිවසේ මුදල් ඉතිරියක් සිදු වී තිබෙනවා. අඟහිඟකම් මැද ගෙවෙන ජීවන ගමනේදී තම පියාගෙන් මුදල් නිස්සාර දේ සඳහා ඉල්ලා සිටින දරුවන් ද සිටින යුගයක, හෙරොයින් පැකට්ටුවට ද “කුඩුවලට” ඇබ්බැහි වූවාක් මෙන් වීඩියෝ ක්‍රීඩාවලටද (Video Gaming ) ඇබ්බැහි වූ දරුවන් අතර මේ දරුවා කර ඇති ක්‍රියාව වෙනස් මගක යාමක්.

ගෝනාපිනුවල අලුත්වල වෙසෙන මෙම දරුවාගේ නම ඉඳුවර මානවඩු. බද්දේගම ක්‍රිස්තුදේව විද්‍යාලයේ ඉගෙනුම ලබන ඔහු දහතුන් හැවිරිදියි. පොල්කටු අඟුරු පමණක් භාවිතා කරමින් ඉතා ඉක්මනින් ඉන් කෑම පිසීමට එය කාර්යක්ෂම බව ඔහු පවසනවා. මේ වන විට තම මව ආහාර පිසීන්නේ සඳහා ගෑස් වලින් ඉවත්ව මෙම පොල්කටු අඟුරු උදුන භාවිතා කරමින් ඉතාම ආරක්ෂාදායක ලෙස සහ අඩු වියදමකින් බව ඔහු පවසන්නේ ඉතාමත් සතුටින්. ගෑස් උදුවක තිබෙන්නා වූ ආකාරයෙන් ගිනිදැල් ඉහළට ගමන් කිරීමට 12V බැටරියකින් පණගැන්වෙන කුඩා පංකාවක් යොදාගෙන තිබෙනවා. ඒ වගේම මෙහි රස්නය පිටතට නොඑන සේ නිර්මාණය කර තිබෙන අතර ලිපෙහි පිටත දැඩි රස්නයක් නොදැනේ. දිනක කෑම පිසීම සඳහා පොල් කටු 5ක පමණ අඟුරු ප්‍රමාණවත් බවත් පවසයි. මෙය තවදුරටත් වැඩිදියුණු කිරීමට තමන්ට හැකියාව තිබෙන බවත් තම මව අද ආරක්ෂා සහිතව කෑම පිසින ආකාරයෙන් ම රටේ අනිත් අම්මාවරුන් ආරක්ෂා කර ගැනීමට මෙය ප්‍රයෝජනයට ගැනීමට හැකි බවත් ඔහු පවසනවා.

ලොකු ම ප්‍රශ්නෙ ගෑස් පුපුරණ එක. බය හිතුණා අම්මා ගැන..

මෙවන් දරුවන් තවත් දහස් දසදහස් ගණනින් ඇති. මේ ඉන් එක් උදාහරණයක් පමණයි. සිය මව ගෑස් අනතුරෙන් බේරා ගැනීම ඔහුගේ මුඛ්‍ය අරමුණ වුණා. මෙය නවත ම නිර්මාණයක් නොවිය හැකියි. වෙළඳ සැලේත් මිලදී ගැනීමට මේ හා සමාන උඳුන් තිබෙනවා. යූ ටියුබ් ඔස්සේ මෙයට සමාන ක්‍රමයක් නිර්මාණය කර ගැනීමට ඕනෑතරම් ආදර්ශන වීඩියෝ වැඩසටහන් ද තිබෙනවා. නමුත් වඩාත් වැදගත් කාරණය වන්නේ එය නිර්මානය කිරීමට පෙළඹීමයි. උවමනාවයි.

Recent Posts

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

15 hours ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

15 hours ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

2 days ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

2 days ago

ලංගමට තවත් බස් 800ක් – මෙට්‍රෝ බස් 50කුත් එකතු වෙයි

සුභා­ෂිණී සේනා­නා­යක, නිමල් රාජ­පක්ෂ පොදු ප්‍රවා­හන සේවාවේ ප්‍රධාන භූමි­කා­වක් ඉටු­ ක­රන ලංගම තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මට…

3 days ago

පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් අපේ පූර්ණ සහයෝගය!- විපක්ෂ නායක

පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…

3 days ago